Chapter 01

1K 166 105
                                    

වීනස් ගෙ සැදෑව
පලවන වෙලුම

"උබට මන් ආයේ ලංවුනේ රිලේසන්ශිප් එකකට යන්න නෙමෙයි......"

"මන් උබ එක්ක නිදාගත්තා උනාට උබ වගේ එකෙක්ව කරගහන්න මට ඕනි නෑ ...."

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ඇපලෝගේ අංගනාවෝ සෙමින් බටහිර අහසින් වියකෙන කොට මට දැනුනේ ඒ අංගනාවෝ මගේ ඔලුවේ ඇතුලට කිදාබහිනවා වගේ. ඒතරම් ඔලුවට බරක් කවදාවත් නැතිව .දඩයක්කාරයෙක්ගෙ වචනයෙන් මුදාහරින හී පහරවල් තුනක් මගේ හිත කෑලි කෑලි වලට කඩලා ඉවරයි මේ වෙනකොටත්. තාමත් ඒ වචන නිසා මම විදවනවා කිව්වොත් මන් වැරදි නැහැ .

ජීවිතයේ අපිට හම්බෙන හැම දෙයක්ම අපිට සම්පූර්ණ වෙලා හම්බවෙන්නෙ නැහැ. මටත් ඒකෙ වෙනසක් නැහැ. පැන්ඩෝරා ගෙ මංජුසාවෙන් හැමදේම නික්මෙන කොට බලාපොරොත්තුව ඉතුරු උනත්  මගේ ජීවිතයෙ බලාපොරොත්තුව කියන දේ දුර ඈතකට ගිහින් දැන් ගොඩාක් කල්.

" මන් මෙහෙම ඉන්න ඕනි කෙනෙක් නෙමෙයි ...." තව පාරක් මම මගේම ලෝකයෙදි හම්බුන මටම කියාගත්තා .ඒ මන් මගේ හිත හදාගන්න විදිහ.

මිනිහෙක්ගේ ජීවිතයේ දෙයක් අහිමි උනාම ඒ දේම ආයේ පාරක් ලැබුනම දැනෙන හැගීම විස්තර කරන්න මට වචන මදි.

එක කාලෙකදි ,

"මට මේක කරන්න බැහැ අපි මේක නවත්තමු " කියන හදවත පසාරු කරපු හීයෙන් බැටකාපු මට

ආයේ වතාවක්

" මම ආදරෙයි " කියන මල් හීයෙනුත් බැටකන්න උනා.

ඒ මල් හීය මන් නැති කරගත්තට ඒ හීය විද්ද මල්සර වෙස් ගත් අනංගයා ආයේ පාරක් මරන්න මුවෙක්ව හොයන දඩයක්කාරයෙක් වගේ මාව හොයාගෙන විද්දෙ මල් හී වලින් නම් නෙමෙයි .

උබට මන් ආයේ ලංවුනේ රිලේසන්ශිප් එකකට යන්න නෙමෙයි......"

"මන් උබ එක්ක නිදාගත්තා උනාට උබ වගේ එකෙක්ව කරගහන්න මට ඕනි නෑ ...."

"ඇරත් උබ වගේ එකෙක්ව මට  එපා...."

කිසිම මිනිහෙක්ට දරාගන්න බැරි තියුණු හී වලින්.

ජීවිතයත් හරියට සුදු ඉර වගේ .වැරදි වෙලාවෙ පැන්නොත් සියල්ලම අවසානයි .ජීවිතයට එන බාධක රතුවට පෙන එලියක් වගේ. ඇසට ප්‍රිය කොල එලිය
ජීවිතයෙ ,සුබ අවස්ථාවක් වගේ. හැබැයි  මාරයාට වේලාවක් නැහැ,කලාවක් නැහැ. කොළ එලිය කොච්චර සුබ උනත් එක මිනිත්තුවකදි සියල්ල අවසාන
වෙන්නත් පුලුවන්.

වීනස්ගෙ සැදෑව - Eve of VenusWhere stories live. Discover now