❣ Childhood friends to lovers ❣

72 9 5
                                    

Changbin Y/n අවුරුදු 5 ඉදන් හොඳම යාළුවෝ උනේ....
FLASHBACK

දවසක් changbin එලියෙ පඩිපෙළේ එයාගේ සෙල්ලම් බඩු එකක් සෙල්ලම් කර කර ඉන්නකොට එයා දැක්කා අල්ලපු ගෙදරට අලුත් කට්ටියක් එනවා.... එයා දැක්කා කාර් එකෙන් ලස්සන කෙල්ලෙක් බහිනවා.... මෙයාට ඒ කෙල්ල දැක්ක ගමන්ම ගිහින් කතා කරන්න හිතුනා...

Changbin: හලෝ... ඔයාගේ නම මොකක්ද?
Y/n: මගේ නම Y/n... ඔයාගේ නම මොකක්ද?
Changbin: මගේ නම changbin.... කැමතිද මගේ හොඳම යාළුවා වෙන්න?

Y/n: මං ගොඩාක් කැමති....
Changbin: යමුද සෙල්ලම් කරන්න?
Y/n එයාගේ අම්මා දිහා බැලුවාහම එයාගේ අම්මා ඇයට ආදරණීය බැල්මක් හෙලුවා....
Y/n: හා යමු...

Changbin එයාගේ අත y/n දිහාට දික් කලහම y/n එයාගේ අත අල්ලාගත්තාට පස්සේ දෙන්නම සතුටින් දුවගෙන ගියා...

END OF FLASHBACK

7.00 Am

Y/n තාමත් හොඳටම නිදි... y/n changbin හැමදාම ඉස්කෝලෙ ගියේ එකට....  වෙනදා වගේම changbin අදත් y/n ගේ ගෙදරට ආවා.

Changbin: Good morning ආන්ටි... Y/n ලැස්ති වෙනවද?
Y/n ගේ අම්මා: මං හිතන්නේ තාම නෑ පුතේ.... ආහ්... මට ඔයාට කියන්න දෙයක් තියෙනවා...

Changbin: මොකද්ද  ආන්ටි?

Y/n ගේ අම්මා: පුතේ අද මට අංකල් එක්කපොඩි ගමනක් යන්න වෙනවා... ඔයාට පුළුවන්ද y/n එක්ක දවසක් දෙකක් විතර ඉන්න... මං ඔයාගේ අම්මාටයි තාත්තාටයි කිව්වහම ඒගොල්ලො කමක් නෑ කියලා කිව්ව....

Changbin: හා ආන්ටි ඒගොල්ලො කමක් නෑ කිව්ව නම් මං ඉන්නම් 😊

Y/n ගේ අම්මා: එහෙනම් පුතේ ඔයා අද එයාව ඇහැරවන්න... මං කෑම ලැස්ති කරන්නම්....

Changbin උඩ තට්ටුවේ y/n ගේ කාමරේට යනකොට දැක්කා එයාගේ යාළුවාගේ නිදිබර මූණ සහ හිරි අරින විදිහ ... මේ දේ දැක්ක changbin ට වෙන මොනවත් නෙමේ එයාට y/n දිහා බලාගෙනම ඉන්න හිතුනා.... මොකද එයා කවදාවත් y/n මේ විදිහට දැකලා තිබුනේ නෑ.... එයාගේ දිග දුඹුරු පාට කොණ්ඩෙ අවුල් වෙලා... රෝස පාට pyjama එක.... මේ දැකපු දේ changbin ට කවදාවත් අමතක නොවන විදිහේ දෙයක් වුණා.... y/n බාගෙට ඇස් දෙක ඇරගෙන එයාගේ හුරතල් නිදිබර කටහඬකින් changbin ට කතා කරා....

Y/n: Changbin- aaahhh
Changbin: ඕ.... good morning  පිස්සු කෙල්ල... 🤗
changbin එහෙම කියලා y/nගේ ඔලුව අත ගෑවා.... y/n ඊට පස්සේ changbin ගේ ඔඩොක්කුවේ වාඩි වෙලා එයාව තදින් තුරුල් කරගත්තාට පස්සේ changbin ඇයව තුරුල් කරගත්තා....

Changbin: මොකෝ මේ?
Y/n (අඩනින්දෙන්): අපි අදට විතරක් නොයා ඉමු.... (ඇය changbin ව තවත් තදින් තුරුල් කරගත්තා) ⁷

Changbin (ඇගේ පිට අතගාන ගමන්): ම්.... හාකෝ.... මටත් අද යන්න බෑ වගේ.... හී හී...

Y/n: එහෙනම් අපි තව ටිකක් නිදාගමුද?
Changbin: හා....

මේ දෙන්නාගේ  සද්දක් නැති නිසා y/n ගේ අම්මා ඇවිත් බැලුවහම එයා දැක්කා දෙන්නටම හොඳටමනින්ද ගිහින් කියලා...

එයා ඊට පස්සේ ඒ දෙන්නා ඇහැරවන්නේ නැතුව කාමරේ දොර වහලා ගියා. අම්මා තාත්තා එක්ක යන්න ඉස්සෙල්ලා ආයෙත් කාමරේට  ගිහින් y/nව ඇහැරවලා කිව්වා එයා තාත්තා එක්ක ගමනක් යනවා changbin එක්ක පරිස්සමින් ඉන්න කියලා.

මේ දෙන්නා ඇහැරුනාට පස්සේ changbin එයාගේ ගෙදරට ගිහින් එයාගේ බඩු ටික අරන් ආයෙත් y/n ගේ ගෙදරට ආවා.

ඒ දෙන්නා කාලා බීලා පොඩි පොඩි සෙල්ලම් වගයක් කරලා wash දාලා film එකක් බලන්න ඉඳගත්තා... film එක ඉවර වෙලා දෙන්න පොඩි කයියක් දාගෙන ඉද්දි changbin එක පාරටම y/n ව ඔඩොක්කුවට ඇදලා ගත්තා....  දෙන්නාගේ මූණවල් අතර තිබ්බේ දශම ගාණක පරතරයක්.... කොටින්ම කිව්වොත් changbin ගේ හුස්ම y/n ගේ තොල් වලට දැනුනා.... changbin y/n ගේ  මූණ දිහා බලාගෙන ඉන්දලා y/n ව kiss කරා.... දෙන්නම ඒ මොහොත ගොඩාක් රසවින්දා.... විනාඩියකටපස්සේ ඒ දෙන්නා kiss කරන එක නැවැත්තුවා හුස්ම අල්ල ගන්න....

Changbin: y/n මම ඔයාට ගොඩාක් ආදරෙයි.... ඔයාව දැක්ක දවසේ ඉදන් මම ඔයාට ගොඩාක් ආදරේ කරා.... ඔයාට මං ගැන එහෙම -

Y/n:shhhhhhh..... මමත් ඔයාට ගොඩාක් ආදරෙයි binnie.... මං ඇත්තටම ඔයාට කියන්න බයේ හිටියේ....

ඒ දෙන්නා ආයෙත් එක සැරයක් kiss කරලා night routine එක කරලා නිදාගන්න ගියා... ❣

You've reached the end of published parts.

⏰ Last updated: Aug 10, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

childhood best friends to loversWhere stories live. Discover now