Paparazzi... 💥

804 214 231
                                    

මිනිස්සු අතර ඉදලා මට දැනෙන්නෙ නිකම් මාව තැම්බෙනවා වගෙ. ආය්ශ්...! ඇත්තටම මොකට මේ හැටි පිරෙනවද මන්ද💔

"එයාලා තව විනාඩි පහ හයකින් මෙතනින් යය්. එයාලගෙ ෆ්ලය්ට් එක ලෑන්ඩ් කරලනෙ තියෙන්නෙ."

මට එහා පැත්තෙන් හිටපු කෙල්ලො දෙන්නාගෙන් එක්කෙනෙක් අතේ තිබුනු හතරට නවපු කොලේකින් එයාටම පවන් ගගහා අනිත් කෙනාට කියනවා.

"අය්ගෝ.... මට නම් දැන් එපා වෙනවා අනෙ..."

අනිත් කෙල්ලත් මූණ අකුලගෙන කියවන්න ගත්තා. ඉතින් අප්පා එපාවෙලානම් යනවකො. මෙතනට වෙලා තැපගෙන ඉන්නෙ.

ඒකිටත් පුප්පලා අතේ තිබ්බ ෆෝන් එකත් තා ටිකක් හොදට හදාගෙන කැම් එක සෙට් කරගෙන මම මගේ අවධානේ එන්ට්‍රන්ස් එකට දුන්නා.

අනෙ...

එනවා...

එයාලා එනවා...

අනේ මගේ ඔප්පගෙ ලස්සන....

මේ තරම් වෙලා පාඩුවෙ බලාගෙන හිටපු මිනිස්සු කඩි ගුලක් ඇවිස්සුනා වගේ එක දිගට තෙරපෙන්න ගත්තා. එයාලා එන්න කලින්නම් මිනිස්සු දෙපැත්තට වෙලා පොඩි පාරක් තියාගෙන හිටියෙ. හැබැයි දැන්නම් එහෙම නෑ.

බොඩිගාඩ්ලා වට කරගෙන මගේ කොල්ලා එනවා. කලු පාට කැපි එකක් දාලා, මාස්ක් දාලා...

අනේ මගෙ දිහා බලනවකො මෝඩයෝ!

ඔහොම බිම බලන් යන්නෙ ඇය් දැන් ඔයා!?

ඔප්පා ලගට එනකොටම මගේ එහාපැත්තෙ ඉදපු කෙල්ල එයාව අල්ලන්න පැන්නා. අනී!! එයා මගෙ!

අනිත් අයත් අල්ලනවා. හැමෝම අල්ලනවා. ඔයා බිම බලාගෙන ගියාම හරියනවද ඔප්පා?හැමෝටම ඔහොම ඔයාව අල්ලන්න දෙන්නෙ. ඔයාව අල්ලන්න පුලුවන් මට විතරමය්...

එක පාරක් හරි අල්ලන්න ඕනි නිසා මමත් තව ටිකක් ශක්තිය දාලා ඉස්සරහට යන්න බැරුව මිනිස්සු අතර තෙරපෙන ඔප්පා ලගට කිට්ටු කලා.අත දිග මදි උනත් මට එයාගෙ අත අල්ලගන්න පුලුවන් උනා. එයා අත අදිනවා. හැබැයි මට දෙයක් ලැබුනා. මේ ජීවිතේ කාටවත් ලේසියෙන් නොලැබෙන දෙයක් මට ලැබුනා.

එයා මට ඒක දීලා යන්න ඇති. එයාට මට ඒක දෙන්න ඕනි වෙන්න ඇති. ඒ නිසය් ඒක මටම ලැබුනෙ...

You've reached the end of published parts.

⏰ Last updated: Sep 15, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Paparazzi [Oneshot]💜️Where stories live. Discover now