🌬️ Fell In Love With Her 🌬️

64 12 26
                                    

අදත් මන් අසම දවසක් මොකද මගේ ආදරේ බලන්න යන දවස අද.... මන් නම් ඉතින් හැම දවසකට ආසයි... මොකද හැමදාම මගේ රිතුව බලන්න පුළුවන් නේ.... මගේ නම ශෂි... මන් ඇවිත් ඉන්නේ එයාගේ කාමරේට......

ශෂි කෝ ඔයා ආවා නේද..? බැල්කනි එකට එන්නකෝ.....

මේ එනො ... ඔහොම ඉන්නෝ .... කෝ.... මන් අවො.....

හම්.... ඔයා දන්නවද අහස හරියට මිනිස්සුන්ගේ ජීවිත වගේ.... වලාකුළු අහසේ රටා අදිනවා... හුළඟට ඒ රටා වෙනස් වෙනවා.... ඒ වගේ අපේ ජිවිතේ රටාවක් අදෙන්න මොකක් හරි අරමුණක් තියෙන්න ඕනේ... ඒත් මගේ අරමුණ විනාශ වෙලා ශෂි.....

නැ... එහෙම හිතන්න එපා... ජිවිතේ හරියට ගඟක් වගේ... ගඟක් ගලද්දී මොන තරම් බාධා එයාට ආවත් එය ඒවට හැඩගැහිලා ගලාගෙන යනවා... අන්තිමට මුහුදට තමන්ගේ වතුර ටික නිදහස් කරනවා.... දන්නවද මට හිතෙන විදියට ගංගා වලින් වතුර මුහුදට දුන්නේ නැත්තන් මුහුදක් කියලා ලොකු වතුර ගොඩක් අපිට නැති වෙන්න තිබුණා....

ඒක ඇත්ත ශෂි...මටත් ඔයා වගේ හිතන්න තිබ්බා නම් නිදහසේ හිතන්න තිබ්බා නම් මේ ගෙදර මට හිරගෙයක් වගේ නොදැනෙන්න තිබුණා..... ඒත් මට ඔයා වගේ හිතන්න බෑ...

අහ් කෙල්ලට ගෙදර ඉදලා ඇති වෙලා නේ...??? අපි යමුකො අද ඇවිදින්න.. එතකොට ඔයාට ටිකක් සැනසීමයි එක්ක නිදහසක් දැනෙයි... අපිට එතකොට ඇවිදින්නත් try එකක් දෙන්න පුලුවන්නේ රීතු......

අපි ඇවිදින්න යමු... ඒත් මට කවදාවත් මේ Wheel Chair එකෙන් නැගිටින්න බරි වේවි ශෂි... අඩුම ඇයි මන් නැගිටින්න try කරන්නේ.... මොනවා වෙනුවෙන්ද අඩුම මගේ අම්මා තාත්තා , මට ආදරේ දීපු අයියවත් මන් ළග නෑ... එහෙම එකේ ඇයි මන් විතරක් මෙහෙම ඉතුරු උනේ... ඇයි ....???

මේ බලන්න රිතූ අමතක කරන්න එපා ඔයාට මම ඉන්නවා කියලා .... මට විශ්වාසයි ඔයා ඔය Wheel Chair එකෙන් නැගිටිනවා.... ඉක්මනටම ... එදාට ඔයාට සතුටු හිතේවි ..... ඉස්සරහට යන්න අරමුණක් ලැබේවි... මට විශ්වාසයි ඔයාගේ හීනෙට ඔයා අනිවාරෙන් යාවි... ඒ වෙනකල් මම ඔයා එක්ක ඉන්නවා හැමදාටම.....

අනිත් අයට වගේ අබ්බගාත මාව ඔයාට කරදරයක් නෙවෙයිද ශෂි...?

මොනවද මේ අහන්නේ ඔයා මට කොහෙත්ම කරදරයක් නෙවෙයි.... ආයේ එහෙම ඔහොම කතාවක් ඇහුවොත් හරි කිව්වොත් හරි මන් බලගන්නම් කෝ...

🌬️ Fell In Love With Her....🌬️Where stories live. Discover now