chapter 01

9.9K 796 135
                                    

ජෙයෝන් ජන්ග්කුක් තමුසේ තාම නිදිද....

රෑ තිස්සේ ක්ලබ් ගානේ මගුල් නටලා දවල් වෙනකම් නිදාගන්න තමුන්ට ඇත්තටම ලැජ්ජාවක් නැද්ද?

ජන්ග්කුක් නැගිටිනවා.....

ජන්ග්කුක්ගේ කාමරේට ආව එයාගේ අප්පා මිස්ටර් ජෙයෝන් කර්ටන් එක අරින ගමන් ජන්ග්කුක්ට කෑ ගැහුවේ නැගිටින්න කියලා.

ඒත් ජන්ග්කුක් නෙවෙයි ඇස් ඇරියේ.

තමුසෙව හදන්න බෑ ජන්ග්කුක්.

සෙරෝ....සෙරෝ...

ලොකු මහත්තයා.

මේ කාමරේ අස් කරලා දානවා.ඒ ගමන්ම මෙන්න මේකවත් ඇහැරවනවා.

මිස්ටර් ජෙයෝන් කතා කලේ ගෙදර අජුම්මට.හතර වටේ තිබ්බ ජන්ග්කුක්ගේ ඇදුම් දිහා ඇස් කරකව කරකව බලපු ජන්ග්කුක්ගේ අප්පා හරිම කලකිරීමෙන් තමයි අජුම්මට කාමරේ අස් කරන්න කිවුවේ.

ශිට්...මේකා නිදියන්නේ බොක්සර් එකත් ගලවලානේ.

ඇද පාමුලම තිබ්බ ජන්ග්කුක්ගේ බොක්සර් එක ඇගිලි තුඩු වලින් අතට ගත්ත ජන්ග්කුක්ගේ අප්පා ඒක ඇදට විසික් කරලා කාමරෙන් එලියට ගියා😹.

පොඩි මහත්තයා..දැන් නැගිට්ටනම් හොද නැද්ද?

කෝ අප්පා ගියාද?

ඇස් අඩවන් කරලා කාමරේ එහෙ මෙහෙ විසිරිලා තිබ්බ ඇදුම් එකතු කරන අජුම්මා දිහා ජන්ග්කුක් බැලුවේ විමසිල්ලෙන්.

ලොකු මහත්තයා ගියා..දැන් නැගිට්ටනම් හොද නැද්ද?

අජුම්මා යන්න මම නැගිටින්නම්.

හා පොඩි මහත්තයා.

අහ් මේ අජුම්මා පුලුවන්නම් මට ලෙමන් එකක් හදලා ෆ්‍රිජ් එකට දාන්න.

ඊයේ රෑත් බිවුවද පොඩි මහත්තයා.

චුට්ටක් අනේ දන් නැද්ද.

අජුම්මා හිනා වෙලා කාමරෙන් එලියට ගියා.

ලොකු ඈනුමක් ඇරපු ජන්ග්කුක් තමන්ගේ ඇගෙන් බ්ලැන්කට් එක අයින් කරලා කෙලින්ම ගියේ වොශ් රූම් එකට.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now