chapter 02

4K 722 63
                                    


එදා රෑ ඩිනර් එකෙන් පස්සේ ජේකේගේ අප්පා තීරනය කලා පුංචි සෙරමනි එකක් තියලා එන්ගේජ්මන්ට් එක ගන්න.

ජන්ග්කුක් පුතා ටිකක් පහලට එන්න.

එනවා අප්පා.

ඔෆිස් ගිහින් ජේකේ අද කලින් ගෙදර ආව නිසා නිවාඩු පාඩුවෙ ඉන්න එයාගේ අප්පා ජේකේට කතා කලේ ජේකේට වැඩක් පවරන්න.මොකද රෑ වෙලා ජේකේව අල්ලගන්නවා කියන්නේ බොරු වැඩක් කියලා ජේකේගේ අප්පා හොදාකාරවම දන්නවා.

හවස් වරුවේ ස්විමින් පූල් එක ලගට වෙලා මැගසීන් එකක් කියව කියව හිටපු ජේකේගේ අප්පා ලගට ගිය ජේකේ කකුල් දෙක ස්විමින් පූල් එකට දාගෙන අප්පා දිහා හැරිලා බැලුවේ ඇයි එන්න කිවුවේ අහන්න වගේ.

පුතා හෙට ඔෆිස් යන්න එපා.

ඇයි අප්පා ඒ?

හෙට ඔයා යූරා ආන්ටිලා ගෙදර යන්න ඕනි.

ඒ මොකටද? ඇයි මං එහෙ යන්නේ?

එන්ගේජ්මන්ට් එකට තියන්නේ හරියටම තව සතියයිනේ ඒ නිසා එයාලගේ බඩු අරගෙන එන්න උදවු වෙන්න යන්න ඕන.

දැන් අප්පට මාව නාට්ටාබියෙක් වගෙත් පේනවද?

ගෑනු එක්ක මේ නටන විදිහට ඒ නම උබට ගැලපෙනවා.

අප්පා...මම ඔයාගේ පුතා ඒක අමතක කරන්න එපා.

ජන්ග්කුක්ගේ අප්පා හිනා වෙන්න ගත්තේ..ජන්ග්කුක්ට අප්පට හොරෙන් කිසිම වැඩක් කරන්න බැරි නිසා ජන්ග්කුක්ගේ මූන ඇද වෙලා තියන හැටි දැකලා.

හරි හරි...ඔයාට මහලොකු වැඩක් නෑ..බඩු අදින්න කට්ටිය යනවා..ඔයාට තියන්නේ මූන පෙන්නලා එන්න විතරයි.

හරි අප්පා මම යන්නම්...

.
.
.
.
.
.

අනිත් පහුවදා උදේ දහයට විතර ඇහැරුන ජේකේ කම්මැලි කමේ නාගෙන එයාගේ කුඩම්මගේ ගෙදර යන්න ලෑස්ති උනේ අප්පගේ කීම අහක දාන්න බැරි නිසා.

අඩ්ඩෙහ්...අද අරයව බලන්න පුලුවන්නේ...

ජන්ග්කුක් කන්නාඩියෙන් බලාගෙන ක්‍රීම් ගාන ගමන් කල්පනා කලේ ටේ ගැන.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now