chapter 08

3.5K 621 51
                                    

ජන්ග්කුක් පැය ගානක් එක දිගට හිටපු තැන ඉදන්ම ඇඩුවා...අඩුම තරමේ කකුල් දෙක රිදෙනවා කියලවත් එයාට දැනුනේ නෑ.ඒ වේදනාවට වඩා ටේගේ වචනයි කනේ පාරයි ජන්ග්කුක්ට රිදුනා.

අඩලා අඩලා ඇස් රතු වෙලා මලානික වෙලා...මුලු කෑම කාමරේම නිශ්ශබ්දයි..ඔරලෝසු කටුව යන සද්දේ පැහැදිලිව ඇහෙන තරම් කාමරේ තිබ්බේ ලොකු නිහැඩියාවක්.එයා හෙමින් ඔලුව උස්සලා එක පාරක් බිත්ති ඔරලෝසුව දිහා බැලුවේ ගොඩක් දුකෙන්.

වෙලාව පාන්දර එකයි.ඒ තරම් වෙලා ජන්ග්කුක් ඇඩුවා කියලා ජන්ග්කුක්ට හිතාගන්නත් බෑ.ජන්ග්කුක් කවදාවත් අඩපු කෙනෙක් නෙවෙයි..මොකද අඩන්න තරම් කිසිම දෙයක් ජන්ග්කුක්ගේ ජීවිතේ සිද්ද වෙලා නෑ.

ජන්ග්කුක් හෙමින් දිග හුස්මක් අරගෙන ඇස් වල කදුලු පිහදගෙන අත් දෙක සාක්කුවට ඔබාගත්තේ කාමරේට යන්න හිතාගෙන.

ඒත් කාමරේට ආව එකෙන් උනේ ජන්ග්කුක්ගේ දුක තවත් වැඩි උන එක.අද උදේ ටේව එයාගේ බඩ උඩ තියාගෙන හුරතල් කරපු හැටි ජන්ග්කුක්ට මැවි මැවි පේන්න ගත්තා.

මට ඔයාව ඕනී මැනික....මම ඔයාට ආදරෙයි......

ජන්ග්කුක් දොර ලගම දන ගහගෙන මූන කකුල් දෙක අස්සේ ඔබාගෙන අඩන්න ගත්තා...ටේ තරම් ජන්ග්කුක්ට මීට කලින් කිසිම කෙනෙක් ගැන එහෙම ආදරයක් දැනිලා නෑ...අදුරගෙන වැඩි කාලයක් නොවුනත් ජන්ග්කුක් ටේට හදවතින් ගොඩක් බැදුනා.එයාගේ පලවෙනි ආදරේ ටේ...මනුස්සයෙකුට තමන්ගේ පලවෙනි ආදරේ එහෙම හදවතේම මරලා දානවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්.

ජන්ග්කුක් පිස්සෙක් වගේ අඩලා අඩලා හිත හදාගෙන කාර් එකේ කී එක අතට අරගෙන කා එකට ආවා.මොකද ගෙදර ඉන්න ඉන්න වෙන්නේ ටේව මතක් වෙන එක විතරයි.

යන්නේ කොහෙද මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටිය ජන්ග්කුක් කාර් එක ඔහේ ඩ්‍රයිව් කරන් ගියේ ගොඩක් වේගෙන්.

එයා මගේ පලවෙනි ආදරේ...කමක් නෑ මැනික.හැමෝටම තමන්ගේ ආදරේ ලැබෙන් නෑනේ...ඔයා මට අකමැති උනාට කමක් නෑ.මම ඔයාට හිතින් ආදරේ කරන්නම්.ඔයා දිහා මන් බලනවට අකමැතිනම් මම දුර ඉදලා ඔයා දිහා බලලා මගේ හිත සනස ගන්නම්.මම ඔයාට ආදරෙයි ටේ..මට ජීවිතේටම දැනුන ආදරේ මෙච්චර වේදනාකාරී වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now