chapter 10

4.1K 618 23
                                    


ජිමින් යුන්ගි ටේව ජන්ග්කුක්ගේ ඔෆිස් එක ලගින් දාලා ගෙදර ගියා.ටේත් හෙමීට හෙමීට ඔෆිස් එක දිහාවට ඇවිදගෙන ආවේ උඩපැනගෙන ආවට හියොන්ග්ට මොනාද මම කියන්නේ කියන දෙගිඩියාවෙන්.

ටේ..........

Taehyung's pov

බිම බලාගෙන ඔහේ ඇවිදන් ආපු මම එක පාරම ඔලුව උස්සලා බැලුවේ කවුද මට කතා කලේ බලන්න.ඒ සූබින් හියොන්ග්.

හියොන්ග්.....

මම එයාට හිනා වෙලා උත්තර දුන්නා.

සූබින් : මොකෝ මේ අද මේ පැත්තේ?

අහ්...මේ හියොන්ග් බලන්න ආවේ.

සූබින් : හියොන්ග් නම් ඉන්නවා......ටේ යන්කෝ එයා ඉන්නේ හත්වෙනි තට්ටුවේ.කාගෙන් හරි අහන්නකෝ යන ගමන් එතකොට කියයි ඉන්න තැන.

සූබින් හියොන්ග් කොහෙ හරි යන්නද?

සූබින් : අනේ ඔව් ටේ..හදිස්සි වැඩකට මට බූසාන් යන්න වෙලා.මම මේ දැන් යන්න පහලට ආවේ.

අහ්හ් එහෙනම් සූබින් හියොන්ග් යන්න.මම හියොන්ග්ව හොයාගන්නම්.

සූබින් :කමක් නැද්ද ටේ....මේ වැඩේ ටිකක් හදිස්සියි නැත්තම් මම එනවා ඔයත් එක්ක.

අයිගෝ.......හිතන්න එපා...ඔයා යන්න......

මම සූබින් හියොන්ග්ට කරදර වෙන්න එපා කියන ගමන් එයාට අත වනලා ඔෆිස් එකට ඇවිත් ලිෆ්ට් එකට ගොඩ උනේ හියොන්ග්ව දකින්න තිබ්බ ඉවසිල්ල දෙගුන තෙගුන වෙද්දි.

එයාව දැක්ක ගමන් ගිහින් බදාගන්න ඕනී.

මට තිබ්බ එකම හැගීම ඒක.එයාගේ උනුහුමට විනාඩි ගානක් තුරුල් වෙලා ඉදලා එයාට ආදරෙයි කියන එක.

මම හත්වෙනි තට්ටුවට ඇවිත් වැඩ කරන කෙනෙක්ගෙන් අහගෙන හියොන්ග් ඉන්න තැනට උඩ පැනගෙන ආවා...හරියට අවුරුදු පහ හයක පොඩි එකෙක් වගේ.

End pov

ජන්ග්කුක් ටේ එන වෙලාවේ හිටියේ ලොකු වැඩක.

ටේ ජන්ග්කුක් හිටපු ෆොටෝ ශූට් එක කරපු රූම් එකට ඇවිත් ටිකක් දුරින් හිටගත්තේ  කට්ටිය ගොඩක් එතන හිටපු නිසා වගේම වැඩක නිසා කරදර කරන එකත් හරි නෑ කියලා එයාට හිතිච්ච නිසා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now