ස්වර 1

1.6K 158 18
                                    

"විදින හිත් වළට විදින්න
විදවන හිත් වළට විදවන්න
ආදරේ තරම් දෙයක්
මේ ලෝකෙ තවත් නැති තරම්...
ඒ ආදරේ තනුවක් වුන ගීත අහුරක් අරන්...අදත් ඔබ හා ගීතවත් වෙන්නටත්, දොඩමළු වෙන්නටත්  .
අවසරයි....
මේ.. ඔබෙත් මගෙත් ආදරණීය රාත්‍රිය...
88.7 ඔයා මේ අහගෙන ඉන්නෙ...
"අහන්න ආදරේ තරම්".....
මම ඔයාලගෙ ආදරණීය විහග සූරියබණ්ඩාර......

"" ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවූ තරම්....
ඒ නෙතු කිසිදින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම්"

ඒ ආදරණීය ගීතයත් එක්ක
සමහර විට.. හිතේ පතුලක නිදා නොනිදා තිබුනු හැගීම් ගොඩක්  ඔයාටත් නොදැනීම කම්මුල් දිගේ රූරාගෙන යන්නට ඇති..
ඒ හැම කදුලු බිංදුවකම ලියවිලා තිබුනෙ එකම එක දෙයක්..
ඒ ආදරය......

ඉතින් අද දවසේදී... මේ සොදුරු රාත්‍රියේ...
"අහන්න ආදරේ තරම් "
වැඩසටහනට ඔබත් මමත් පමනක් නෙමෙයි..අපි හැමෝම ආදරේ කරන තවත් කෙනෙක් සූදානම්
ඔහුගේ ආදර කතාව අපිත් එක්ක බෙදාගන්න...
ඔහු...අපි කවුරුත් හදුනන
"පවන් නිම්නාද"
011 2 887 887 මේ පැත්තට ඇවිත් ඔයාගෙ ආදරණීයම ගීතය මගෙන් ඉල්ලගන්නත්, පවන් නිම්නාදගේ ආදර කතාවෙ සාක්ශි කාරයෙක් වෙන්නටත් අමතක කරන්න එපා...
මේ.... " අහන්න ආදරේ තරම්"

"සුභ සන්ද්‍යාවක් පවන්"
-" සුභ සන්ද්‍යාවක් විහග..ඒ වගේම අපිව අහන් ඉන්න හැම දෙනාටමත් සුභ සන්ද්‍යාවක් කියලා අපි ප්‍රාර්ථනා කරමු"
-" පවන් අපි අද දවසේදි ඔබේ ප්‍රතම ආදර කතාවේ සාක්ශි කරුවන් වීමට සූදානම් ..ඉතින්..මම ඔබට බාදා කරන්නෙ නෑ....ඔයා කැමති තැනකින් කැමති විදිහකට පටන් ගන්න..."
-"  (මදක් සිනාසී) අ..........කොහොම පටන් ගන්නද කියලවත්..මොනවා කියනවද කියලවත් මට තාමත් හිතාගන්න බෑ...ඒත්..මම මේ ටික කියන්නම්...
මගෙ ආදර කතාවෙ ප්‍රදාන චරිතයත් අනිවාර්‍යෙන් අපිව අහගෙන ඇති දැන්...මේක ආදර කතාවකට වඩා ආදරණීය පාපොච්චාරණයක් කිව්වොත් මම හරි කියලා හිතනවා...ඉතින් මම එහෙම පටන් ගන්නම්...
මෙයාව මට මුනගැහෙන්නෙ මම ගායන ක්ශේස්ත්‍රයට එන්න කලින්..
එයත් ගීත කලාවට ටිකක් සම්බන්ද කෙනෙක්...
මගෙ වැඩිපුරම ජනප්‍රිය උන # අහසක් තරමට # ගීතය පවා රචනා වෙන්නෙ ඒ පුද්ගලයා අතින්..

ස්වරWhere stories live. Discover now