ස්වර 2

670 132 8
                                    

ඉගනීම් , බාහිර වැඩ, සුදුසුකම් ගැන මගෙන් ප්‍රශ්න කලා...අනික් දෙන්නගෙන්ම මූනෙන් කිසිම හැගීමක් තේරුම් ගන්න බැ..ඒත් අර නපුරු පාට මනුස්සයගෙ මුනෙනම් තිබ්බෙ මූ හරියන් නෑ...අයින් කරමු වගේ එකක්...මගෙන් ඇහුවෙම හරස් ප්‍රශ්න. වයස 32 ක් වගේ ඇති..
-"විහගට හම්බෙනවා අලුත් පෑනක් ප්‍රොමෝට් කරන්න් ඇඩ් එකක් හදන්න..විනඩි 10 ක් ඇතුලත විහග හදන්න බලාපොරොත්තු වෙන විදිහෙ ඇඩ් එකේ පැහැදිලි කිරීමක් අපි බලාපොරොත්තු වෙනව"
-"සොරි සර් මෙහෙම ඇහුවට...මේක ටී වී ඇඩ් එකක් නේද?
-නැතුව වෙන මොකේ දාන්නද මනුස්සයො මේ වගේ ඇඩ් * ඒ බාදා කිරීම අර දුශ්ටයාගෙන්..දැනට නමක් නොදන්න නිසා අපි එයාට දුශ්ටයා කියමුකො*
-" ඇයි සර් රේඩියෝ එකෙත් ඇඩ් යනවනෙ"
කිසිවෙක් මගෙන් එවන් ඍජු පිලිතුරක් බලාපොරොත්තු නොවන්නට ඇත..අර දුශ්ටයගෙත් මූන ඇද උනා..
" සර් මෙහෙමයි මට මේ වෙලාවෙදි එකපාරට හිතට ආපු අදහස...බොළද වැඩිද කියලත් හිතෙනවා...
###විහිලු ස්වරූපයක මනුස්සයෙක් ඉන්ටවිව් එකකට එනවා...එයාගෙන් නම අහපුහාම දිගම දිග නමක් කියාගෙන යනවා...ඒ තරම් දිගයි..හැමෝම කට ඇරන් බලන් ඉන්නව...
නම දිග වෙන්න හේතුව ඊලගට අපි පෙන්නනවා...පරන තාලෙට...ඒ ලමයා ඉපදුනාම උප්පැන්නෙ ලියනකොට ලියන කෙනාගෙ පෑන ලියවෙන් නෑ..ලමයගෙ තාත්තා අපි ප්‍රමෝට් කරන ජාතියේ පෑනක් දෙනවා...ඒ පෑනෙන් ලස්සනට, සුමුදුවට ලියවෙන නිසා උප්පැන්න ලියන මනුස්සය ලියාගෙන ලියාගෙන ලියාගෙන යනවා හිතට එන නම් ගොඩක්...ඒ තරම් ලේසියෙන් ලස්සනට ලියන්න නම්..මෙන්න මේ පෑන ගන්න කියලා අපි ප්‍රමෝට් කරනවා"
-" ලමයගෙ නම වෙනස් කරගන්න තිබ්බනෙ පොඩි කාලෙදිම..විකාරයක්"
-" සර් මම මුලින්ම කිව්වෙමේක ප්‍රහසන ආකාරයෙ දැන්වීමක් විදිහට මම අදහස් කලේ..විහිලු වලදි අපි 100% ප්‍රායොගික දේවල්ම ගන්න ඕන නෑ නෙ සර්"
-" මිනිස්සු ඇඩ් එකත් විහිලුවට ගනීද දන් නෑ"
(යකෝ මගෙ සන්සාරෙ හතුරෙක්ද මේ...මාව කපන්නමයි බලන්නෙ..මම මොකක් කලාටද මෙයාට)
-" බලන හැම ම්නුස්සයම සර් වගේ හිතුවොත් නම් එහෙම වෙයි
(මෙහෙම චා වෙන්න බෑ නෙ..මමත් කියලා දැම්ම...මිනිහගෙ මූන දෙක උනා ආයෙත්, අනික් සර් ට හිනා යන්න ඇවිත් අමාරුවෙන් නතර කරගත්තත් මම ඒක දැක්කා)
-" හරි අපි විස්තර තව බලලා mr.විහගව ඉන්ෆෝම් කරන්නම්"
-" හරි ගොඩක් ස්තූතී සර්..මම සුභවාදී පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නම්"
(පුටුව එහෙම තිබ්බ වගේම හදලාආවෙ ඕක හරි කියලා අර මිනිහා ලකුනු කපයි කියලා හිතුන හින්දා,යකෝ මට හම්බෙන්නෙම නට් තද උන එවුන්නෙ)

ස්වරWhere stories live. Discover now