chapter 15

3.5K 577 231
                                    

ජන්ග්කුක් මතක නැද්ද...හොදට කල්පනා කරලා බලන්න.

ම්ම් නෑ අප්පා...මට මතක නෑ..මේ කවුද?

මේ කායි..ජන්ග්කුක්...ඔයාගේ ලොකු අයියා.ජෙයෝන් කායි.

ජන්ග්කුක්ට අදහා ගන්න බැරි උනා...එයා අවුරුදු ගානකින් කායිව දැකලා තිබුන් නෑ.ඒ නිසා කායිගේ මූන ලාවටවත් ජන්ග්කුක්ගේ මතකේ තිබුන් නෑ.

හියොන්ග්.....

ජන්ග්කුක් දුවගෙන ගිහින් කායිව බදාගත්තා...තමන්ගේ සහෝදරයා කාලෙකින් දැක්ක නිසා ජන්ග්කුක්ට දැනුනේ සතුටක්.ඒත් කායිටත් එහෙමද?

මගේ පොඩි මල්ලිද අප්පා මේ...

කායි ජන්ග්කුක්ව තද කරලා බදාගත්තා.ඒත් කායිගේ ඇස් නතර උනේ ටේ ලග.ලොකු හිනාවක් මූනේ පුරවගෙන සුරදූතයෙක් වගේ එයා දිහා බලන් හිටපු ටේ දැක්කම කායිගේ හිත මොහොතකට වේගේන් ගැහෙන්න ගත්තා.

ජන්ග්කුක් කායිව ඈත් කරලා...හරි සතුටින් හිනා වෙලා ටේ ලගට ගියා.

අප්පා...අර කවුද?

කායි ටේව දන් නැති නිසා..එයාලගේ අප්පගෙන් ඇහුවේ ටේ දිහාට ඇගිල්ලක් දික් කරන ගමන්.

අහ්...ඒ ඉන්නේ ඔයාගේ අලුත් මල්ලි...කිම් ටේහියුන්...එතකොට මේ ඉන්නේ ඔයාගේ අලුත් ඔම්මා...යූරා.

ඔහ් ආන්ටි....හෙලෝ..

කායි යූරට අතට අත දීලා හිනා උනා.

ඒයි...මම ඔයාගේ ලොකු හියොන්ග් මට හග් එකක් වත් නැද්ද...

කායි හුරතල් විදිහට මූන හදන් ටේ දිහාට අත දික් කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කායි හුරතල් විදිහට මූන හදන් ටේ දිහාට අත දික් කලා...ටේත් දුවගෙන ගිහින් කායිව හග් කලා.ඒත් ජන්ග්කුක්ට ඒක ඇල්ලුවේ නෑ...මොකක් හරි හේතුවකට ටේව කායි හග් කරනවා දකිද්දි අමුතු හැගීමක් ආවා.ඒත් ජන්ග්කුක් ඒක ගැන වැඩිය හිතුවෙ නෑ මොකද ටේ අම්මව හග් කලත් එයාට ඉරිසියා හිතෙන නිසා ඒක සාමාන්‍ය දෙයක් කියලා එයා හිතුවා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now