chapter 16

3.4K 549 269
                                    


Morning🌇

ටේ...නැගිටින්න උදේ වෙලා....

ජන්ග්කුක් ටේව තව ටිකක් තුරුල් කරන් නලලට කිස් එකක් දීලා ඇස් පියාගත්තා.

දැන් මට නැගිටින්න කියලා...මාවත් බදාගෙන ආයෙත් නිදාගත්තම හරියනවද?

ඉතින් මන් මොනා කරන්නද..ඔයා ලග තියන සනීපෙට මට නින්දේ යනවා.

අනේ මේ හියොන්ග්...හුරතල් කරන්න වෙලාවක් නෑ..අද මට උදේ දහයට ලෙක්චර්ස්..

අශ්ශො..තාම අටවත් වෙලා නැතුව ඇති..තව චුට්ටක් මෙහෙම ඉමු.

ටේ ජන්ග්කුක්ට කිස් එකක් දීලා ටේබල් එක උඩ තිබ්බ ජන්ග්කුක්ගේ ෆෝන් එකෙන් වෙලාව බැලුවා.

අටේ කෑලිත් නෑ හියොන්ග්..අතගන්නවා මට යන්න...අද පරක්කු උනොත් ප්‍රොෆෙසර් කාරයා මාව ඇතුලට ගන්න එකක් නෑ.

අනේ මැනික...තව විනාඩියක්...

එහෙනම් අද ලෙක්චර්ස් වලට යන්න ඕන් නෑ.දවසෙම මෙහෙම ඉමු.

ටේ නැගිටලා යන්න හදලා ආයෙත් ජන්ග්කුක්ව බදාගෙන ඇස් දෙක පියාගත්තා.

(ලෙක්චර්ස් වලට බබ්මු ගහගන්න කියලා ආදරේ විදින මිනිස්සු😌)

බබා අපි අද කොහෙ හරි යමුද?

ජන්ග්කුක් ඇස් දෙක පියාගෙනම තුරුල් වෙලා ඉන්න ටේගෙන් ඇහුවා.

කොහෙද?

බීච් යමු.

බීච්?ඇයි කෝම්පිට්ටු හදන්නද?

නෑ තමුසෙව මුහුදට තල්ලු කරන්න.

ජන්ග්කුක්ට තරහා ගියා ටේ ඕනවට එපාවට උත්තර දෙද්දි...ජන්ග්කුක් හිතුවේ ටේ උඩ පැනලා දෙකක් කරයි කියලා.

ඔව් මට පෙනී යනවා..එක්කෙනෙක් තරහෙන් පිපිරීයාමට ආසන්නව රතු වෙනවා...ඔව් තව ටිකයි....

අනේ මේ යුනිවසිටි යන්න ලෑස්ති වෙනවා.මගෙන් මොකුත් නාහා..

ඩෝඕඕඕඕඕඕං💥 ඔන්න පිපුරුවා.

ජන්ග්කුක් ටේව තරහෙන් ඇගෙන් ඈත් කරලා ඇදෙන් නැගිට්ටා.ටේ හයියෙන් හිනා වෙලා ඇදේ මූනින් අතට හැරිලා ආයෙත් නිදාගන්න ලෑස්ති උනා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now