chapter 20

2.9K 535 172
                                    


අජුම්මා ටේ දැක්කද?

අහ්හ් පහල හිටියා පොඩි මහත්තයා.ටැනී එක්ක සෙල්ලම් කර කර.

කොයි වෙලේ බැලුවත් ටැනී එක්කනේ.

ජන්ග්කුක් තමන්ටම කියාගත්තේ තරහෙන්...දැන් ටැනීව අරන් ඇවිල්ලා දවස් කිහිපයක්ම ගෙවිලා ගියා.ජන්ග්කුක් කරේ වැරද්දක් කියලා ජන්ග්කුක්ටම හිතිලා තිබ්බේ ජන්ග්කුක්ගේ තැන ටේ බල්ලට දාලා තිබ්බ නිසා.

අජුම්මගෙන් එහෙම අහලා ජන්ග්කුක් ඔෆිස් ගිහින් ඇවිත් හවස බලද්දිත් ටේගේ අම්මා කිවුවේ ටේ ටැනී එක්ක ගාර්ඩන් එකේ කියලා.

ජන්ග්කුක්ට ආවේ පුදුම තරහක්..උදේ ඉදලා ගන්න කෝල් එකක්වත් ටේ අන්සර් කලේ නෑ.කොයි වෙලේ බැලුවත් ටේ හිටියේ ජන්ග්කුක් ගෙනත් දුන්න පුංචි හුරතලා ටෑනී එක්ක.ජන්ග්කුක්ට ටේ ඕනිම වෙද්දි ටේට තේරුන් නෑ එයා ටෑන් එක්ක හිටියම ජන්ග්කුක්ව එයාට මගහැරෙනවා කියලා.

ජන්ග්කුක්ට කොච්චර තරහා ගියත් එයා ඉවසුවා මොකද එයා තරහා අරන් කෑ ගහන්න ගත්තම ටේ අඩන බව දන්න නිසා.ඒ වගේම ටේ ටික දවසකින් හිටියා වගේම ඉදියි කියලා ජන්ග්කුක් හිතුවා.

ටේ..මට ටිකක් කතා කරන්න ඕන.

ජන්ග්කුක් වොශ් දාගෙන ටේ හිටපු තැනට ඇවිත් හිටගත්තේ ටේ එක්ක දවස් ගානකින් හරියට කතා කරන්නවත් බැරි උන නිසා.

ඔමෝ මගේ පැටියට බඩගිනිද🥺එන්න යමු කන්න.

ටැනී ටේ දිහා බලලා ලොකු ඈනුමක් ඇරිය නිසා ටේ හිතුවේ ටැනීට බඩගිනි වෙලා කියලා.

හියොන්ග් චුට්ටක් ඉන්න..මම ටැනීට කෑම එක දීලා එන්නම්..

ජන්ග්කුක් ආව හැටිය ටේ සෙල්ලම් කර කර හිටපු බලු පැටියවත් වඩාගෙන ගේ ඇතුලට ගියා.

ඒකෙන් ජන්ග්කුක්ගේ හිත ගොඩක් රිදුනා..ජන්ග්කුක් ආවේ ටේ එක්ක ටිකක් කතා කරලා හුරතල් වෙන්න.ජන්ග්කුක් මොකුත් නොකියා දුකෙන් බිම බලාගත්තා.

රෑ වෙනකම්ම ජන්ග්කුක් ගාර්ඩන් එකේ බෙන්ච් එකට වෙලා අහස දිහා බලාගෙන කල්පනා කලා.ඒ අතරම කදුලු බින්දු දෙක තුනකුත් වැටුනේ ටේව ගොඩක් මතක් වෙන නිසා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now