chapter 22

3.5K 548 498
                                    

පොඩි අය කියවන්න එපා🔞

මට සමාවෙන්න ජන්ග්කුක්..

සූබින් ජනේලෙන් එලිය බලන් ඉන්න ජන්ග්කුක්ගේ පිටට අත තිබ්බේ ජන්ග්කුක් ඉන්නේ දුකෙන් කියලා තෙරුන නිසා.

අයියෝ...උබට පිස්සුද සමාවගන්නේ..මෙච්චරකල් ටැනීව බලාගත්තට මට තේරෙන් නෑ උබට කොහොම ස්තූති කරන්නද කියලා.

ජන්ග්කුක් ඇස් වලින් කදුලු වැටුන නිසා ඒ බව සූබින්ට පෙන්නන්න අකමැති උන නිසත් ජන්ග්කුක් ජනේලෙන් එලිය බලාගෙන සූබින්ට ස්තූති කලා.
.
.
.
.
.
.
.
.
.
.
.

📲

හෙලෝ...සූබින් හියොන්ග්...

කොහොමද ටේටේ.

හ්ම් වරදක් නෑ..සූබින් හියොන්ග්ට කෝමද?

මටත් හොදයි ඉතින්...

ඉතින්...ඇයි කෝල් කලේ?

මට වැදගත් දෙයක් ඔයාට කියන්න තියනවා ටේ..ඒක ෆෝන් එකෙන් කියන්න බෑ.ඒ නිසා දැන් ඔයාට මාව මීට් වෙන්න එන්න පුලුවන්ද?

මොකක්ද හදිස්සිය හියොන්ග්...මම එන්නම් මට එන්න පුලුවන්.

හරි..ඔයා එන්නකෝ..අපි කතා කරමු..මම තැන මැසේජ් කරන්නම්.ඒ කැෆේ එකට වෙලා ඉන්න..එතන සෙනග නෑ.මම එන්න චුට්ටක් පරක්කු වෙයි.

අහ් කමක් නෑ..හියොන්ග් මට ටෙක්ස්ට් එකක් දාන්නකෝ.

ඕකේ ටේ..බායි.

බායි.

සූබින් ටේට මැසේජ් කරලා කැෆේ එක්ක ඇඩ්‍රස් එකක් සෙන්ඩ් කලා.ටේත් ඉක්මනට ලෑස්ති වෙලා සූබින්ව හම්බවෙන්න කැෆේ එකට ආවා...සූබින් එන්න ටිකක් පරක්කු උනා..මොකද එයා ටැනීව අරගෙන එන්න ආපහු ගෙදර ගිය නිසා.

@cafe✨️

මම පරක්කුද ටේ.

ටේ ඇස් ලොකු කරගෙන කටත් ඇරගෙන සූබින් අරන් ඇවිත් තිබ්බ දේ දිහා බලන් හිටියේ මේක උනේ කොහොමද කියලා හිතාගන්න බැරුව.

හරි හරි ඔහොම බලන්න ඕන නෑ..මම හැමදේම කියන්නම්..ඔයා ඔතනින් වාඩි වෙන්නකෝ.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now