03. දෙවෙනි පරාණේ

1.2K 309 131
                                    

එදා රෑ අළු කුමාරයව බලාපොරොත්තුවෙන් හිටිය නිසා කාමරේ මැද්දේ එයා එකපාරටම මතුවෙනකොට කල්පනා සාගරේක ගිලිලා හිටියත් කලින් දවසේවගේ මම තිගැස්සුණේ නැහැ.

අළු කුමාරයාගේ අතේ ඇඳුම් පුරෝපු බැග් දෙකතුනක්ම තියෙනහැටි මට පෙනුණා.

ෂොපින්යන්න කෙහෙන්ද එයාට සල්ලි?

අලු කුමාරයා සල්ලි හම්බකරපුහැටි දැනගන්න කුතුහලයක් ඇතිවුණත් මම ඒගැන හාරා අවුස්සන්න නොගියේ ඉස්සරහ තියෙන වැඩෙන් අවධානය අයින්කරන්න කැමැත්තක් නොතිබුණ නිසයි. මේසේ ළඟ තිබුන පුටුවේ වාඩි වෙච්ච අලු කුමාරයා ඇඳුම් මලුටික පුටුව දෙපත්තට අතහැරලා පුටුවේ පිටිපස්සට ලිස්සලා ගිහින්වගේ හෙත්තුවුණා. මම හිටියේ ඇඳේ. විට්ටමහරියට හෙත්තුවෙලා එලරමිනියා ගොතාගෙන ඉඳගෙන.

එයා එකටම සද්දනැතුව බලාගෙනහිටියා මිසක් මුකුත් කිව්වේ නැහැ. මම කතානැතුව බලාගෙන හිටියා. කිව්වට මොකද... දවසම එළියේ ඉඳලා ආවට අළු කුමාරයට මහන්සිපාටක් ගෑවිලවත් නැහැ. එතකොට කලින් දුවගෙන යනකොට හතිදදාකලේ බොරුව්ක්ද කියලා මගේ හිත මගෙන්ම ප්‍රශ්නකලා.

"ඉතිං සුද්දා... ප්‍රශ්නෙට විසඳුමක් හොයාගත්තද?"

මම මේසෙ පැත්තක හේත්තුකරලා තිබුණ ලොකු රිජිෆෝම් බෝඩ්එක දිහාබලාගෙන ඔලුව ඉහලපහල වැනුවා.

අළු කුමාරයා කතාකලේ නම් මංගැන හරි අනුකම්පාවෙන්... සැලකිල්ලෙන් උදව්කරනගානට. එහෙම විශ්වාස කරන්න තිබුණා එයාගෙ මුහුනේ තිබුන හිනාව මට නොපෙනුණානම්. අලු කුමාරයා බලාගෙනහිටියේ පොඩිඑකෙක් ඇවිදින්න හදනකොට වැටෙන්න යනවා කියලා දැනදැනත්... වලක්වන්නෙ නැතුව බලාගෙන හිනානොවී ඉන්න දඟලන වැඩිහිටිකෙනෙක් වගේ.

"ඉතිං කාවද සුද්දා, මේසැරේ අතුරුදහන්කරලා දාන්න හිතන්ඉන්නේ?"

මේකයි... ඊයේ රෑ අරයකා කඩාගෙන පාත්වෙද්දී දුකශෝකෙන් වෙලිලා හිටියට මම හිටියේ හරිහමන් සුදානමකින් නෙමෙයි.

අනික එශාන්ව මගේ කරගන්න මේ ලොකෙන් තොලෝන්චිකරලා දාන්න ඕනේ කාවද කියල කල්පනා කරන්න තරම්වත් වෙලාවක්වත් මට තිබුනේ නැහැ. අද වෙනස්... මම දවසම කාමරේටවෙලා එශාන්ගෙයි මගෙයි සම්බන්දේ ගැන කල්පනාකලා. එක පැත්තකින් නෙමෙයි. ගොඩක් පැතිවලින්.

මැදියමට පෙරWhere stories live. Discover now