වෙලාව දහයයි.
පහුගිය දවස් එක්ක සංසන්දනය කරනකොට එදා තිබුණු එකම සමානකම අවදිවුන වෙලාව විතරයි.
වෙනදාවගේ මගේ ඇඳේ කවුරුවත් නිදාගත්තබවට කිසිම සලකුණක් නැහැ. මම ඇඳේ වැතිරීගෙනම බාත්රූම්එක පැත්තෙන් වතුර ගලාගෙන යනවද බලන්න කන්දුන්නා. එතනත් කිසිම හැහොල්මනක් නැහැ.
එශාන් වගේම අළු කුමාරයාත් ඉන්නකොට කතාබහෙන් පිරිලා තිබුණු කාමරය එකපාරටම නිශ්ශබ්දවෙලා ගිහින්. මට දැනුනෙ පොඩි නුහුරුගතියක්. ෆෝන්එකෙන් සිංදුවක් ඇහෙන්නදාල පුරුදුවිදිහටම ටවල් එකකුත් අරගෙන බාත් රූම්එකට මම ගියා.
තනිකම මට නුහුරුදෙයක් නෙමෙයි.
එශාන් මගේ ජීවිතේටආවේ තනියෙම ඉන්න පුරුදුවුනු වෙලාවක.
ඒත් තනිකමටහුරු වෙලා තිබුණ ජීවිතේට තවත් කෙනෙක් ලංවුණහම ටිකකාලයක්යද්දි පුරුදු තනිකම අමතකවෙලා යනවා. ජීවිත ගණනාවක් උඩින් උනත් මම එශාන්ව මේ තරම් ලබාගන්න උත්සහ කරන්නෙ එයාට ඇත්තටම මගේ හිතේ තියෙන ආදරේ නිසාද නැත්නම්... ආයෙමත් තනිවෙන්න තියෙන අකමැත්ත නිසද?
මම මගෙන්ම ප්‍රශ්න කරගත්තා.
එශාන් නැතිව මට දැනුනෙ පාලුවකටත් වඩා හිස්බවක්. අරමුනක් රහිත ස්වභාවයක්. මට දැනුණේ ඒ දැනුන හිස්බවඑක්ක ජීවත් වෙනවාට වඩා මැරෙනනම් හොඳ බවයි.
මම කරපු ප්‍රාර්ථනාව හරියි කියලා අළු කුමාරයා කිව්වෙ විහිලුවට නෙමෙයි කියලා මට විශ්වාසයි. අපි දෙන්නට එකවෙන්න තියෙන ලොකුම බාදාව ඉවත්වෙලානම්... එශාන් තාමත් මාලඟ නැත්තෙ මොකද?
ටික වෙලාවක් ඇනෙක්ස්එකේ කැරකිකැරකී හිටියට අළු කුමාරයාවත් එශාන්වත් එනපාටක් නැති නිසා කලින් දවස්වල වගේම ෂොප්එකට යන්න මම තීරණයකළා. විනාඩි පහලවක්යද්දි මම එතැන. මම ෂොප්එකේ ඇතුලට යනකොට වෙනදටවඩා සෙනගක්. කවුන්ටරයේ පිටිපස්සෙත් සේවකයන් වැඩිප්‍රමාණයක්.
YOU ARE READING
මැදියමට පෙර
Romance"ආදරණීය අලු කුමාරයා! අපායෙන් ආපූ අනංගයා! මගේ ඉල්ලීම ඉශ්ටකරලාදෙන්න!" නැතිවුන ආදරේ ලබාගන්න "ඕනිම දෙයක්" කරන්න රවීන් ඇත්තටම සූදානම්ද? (සමරිසි චරිත ඇතුලත් සිංහල බසින් ලියවුනු ප්රභන්ධයකි.)