07. අලුත් පාඩමක්

1K 323 108
                                    

ජීවිත අවසානය අන්දකාරයි කියනඑක සමහරුන්ගේ මතය. අනෙක් කොටස කියන්නෙ ජීවිත අවසානය දකින්නට ලැබෙන්නේ දීප්තිමත් සුදු ආලෝකයක් කියලා.

මගේ ජීවිත අවසානයේ මොහොත වෙනකල් මම ඒගැන ඊට කලින් කවදාවත් වැඩි අවධානයක් යොමුකරලා තිබ්බෙ නැහැ. සමහරවිට දිව්‍යලෝකෙ යනඅයට සුදුආලෝකෙ පේනවාඇති... අපායේයන අයට කලු ආලෝකය...

මට එකටම දැනෙන්නගත්තෙ කලු අන්දකාරයක්.

වටේම සීතලක්.

ඊට පස්සෙ ඇස්දෙක අරින්න උත්සහ කරනකොට ලොකු ආලෝකයක්...

එතකොට මම ඉන්නෙ අපායෙද? නැත්නම් දිව්‍යලෝකෙද? පස් දෙනෙක්ගේ මරණයට වගකියන්න ඕනි මම දිව්‍යලෝකෙ යන්නෙ කොහොමද?

එතකොට මම ඉන්නෙ අපායෙද? නැත්නම් දිව්‍යලෝකෙද? පස් දෙනෙක්ගේ මරණයට වගකියන්න ඕනි මම දිව්‍යලෝකෙ යන්නෙ කොහොමද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තුවාලෙට අලවලා තියෙන ප්ලස්ටරේ හෙමින් ගලවනවටවඩා එකපාර ඇදලදානඑකයි මගේ පුරුද්ද. ඕනි දෙයක් වෙච්චදෙන් කියලා මම ඇස් එකපාරටම ඇරියා.

මම හිටියේ මගේ කාමරේ වගේම තැනක. කිසිම වෙනසක් නෑ. සමහරවිට මං වෙනුවෙන් වෙනම අපායක්හදලා මගේ කාමරේ හැඩහුරුකමට හැඩගැසෙන්නඇති කියලා මට හිතුණා. එශාන් එක්ක කරපකියපු දේවල් මතක් කරකර විඳවවිඳව ඉන්න. ඇඳ උඩ දිගාවෙලා කල්පනාකලේ කොච්චර කාලයක් මේ අපායේ මෙහෙම මට කල්ගෙවන්න සිද්ධ වෙයිද කියලයි.

ඊලගට කලුපාට පොඩි ටවල්එකක් ඇඳගෙන කොණ්ඩෙන් වතුර බේරීබේරී පුරුදුවගේම බාත්රූම්එකේ දොරඇරගෙන අළු කුමාරය එළියට ආවා.

මම ඉන්නේ අපායේ කියලා මට ස්ථිර වුණේ ඒ නිසයි. නැත්නම් අළු කුමාරයව හම්බවෙන්න විදිහක් නැහැනේ.

මගේ සිතුවිලි පේලියට බාධාකළේ එළියෙන් ඇහෙන්න පටන්ගත්ත බස් සද්දේ.

මැදියමට පෙරWhere stories live. Discover now