අනිත් දවසේ අවදිවුනෙත් දහටය විතර.
අළු කුමාරයා වෙන්වීමේ තෑග්ග හැටියටදුන්න රෝසමලත් එශාන් දාලාගියාය කියලා හිතට නැගුනෙ නැති දුකත් නොවෙන්න හැම දෙයක්ම හීනයක්... මනෝවිකාරයම පමණක් වෙන්නඇති කියලා හිතන්න තිබුන ඉඩ බොහෝමයි.
මම පුරුදුවිදිහට ඇඳ එහාපැත්ත අතගාලා බැලුවට කවුරුන්හරි නිදාගත්තබවට සලකුනක්වත් වෙනදාවගේ බාත්රුම් එකෙන් එන වතුරගලන ශබ්දයවත් එදා ඇහුනේ නැහැ.
එකපාරටම මට දැනෙන්නගත්තෙ ලොකු පාළුවක්.
අළු කුමාරයා තේකෝප්පයක් හදාගෙන කාමරේට නොඑනබව මතක්කරත්ත මම, බැරිබැරිගාතේ ඇඳෙන් නැගිටලා ගිහිල්ලා මූණකට හෝදගන්න පටන්ගත්තා.
මම අවසානයට කරපු පැතුම ඵලදැරැවාද කියනඑක ගැන හිතේ පොඩිසැකයක් නොතිබුනාමත් නෙමෙයි.
අළු කුමාරයා මැරුනත් නොමැරුන කෙනෙක්... එයාට ඒ ලෝකේ ආදරයක් හොයාගන්න පුළුවන් වෙවිද? නැත්නම් එයා ආයෙමත් සැරයක් මනුස්ස ලෝකෙ ඉපදිලා ලොකුවුනාට පස්සෙ එයා හිතන විදිහේම කෙනෙක් ලැබෙයිද? ප්‍රාර්තනාවෙ සීමාවන් කඩ නොවෙන්න වගබලාගෙන මම ඒවෙලාවෙ කිව්වට අන්තිමේදි මට ලැබුණු වටිනාම ප්‍රාර්තනාව අවලංගුවෙලා ගියද?
වෙනදනම් එහෙම හිතද්දි දුකක් දැනෙන්න තිබුනා.
නමුත් එදා නෑ.
"අඩෝ රවීන්... උඹ දියුණුවෙලා!"
මම කණ්නාඩිය ඉස්සරහ හිටගෙන මටම කියාගත්තා.
තේකෝප්පෙකුත් හදාගෙන බිව්වට පස්සෙයි ඊලගට කරන්න දෙයක් නෑනේද කියලා කල්පනාවුනේ.
අලුතෙන් රූම්මේට් කෙනෙක් ඕනි කියලා ඉන්ටර්නෙට්එකට ඇඩ්එකක් දානවැඩෙත් පොඩි වෙලාවකට පරක්කුකරපු මම ෆෝන්එක අරගෙන බැලුවා. පහුගිය ටිකේම කැම්පස් නාවෙඇයි කියලා යාලුවො දෙන්නෙක්ගෙන් මැසෙජ් තියෙනවා දැක්කෙ එතකොට.
YOU ARE READING
මැදියමට පෙර
Romance"ආදරණීය අලු කුමාරයා! අපායෙන් ආපූ අනංගයා! මගේ ඉල්ලීම ඉශ්ටකරලාදෙන්න!" නැතිවුන ආදරේ ලබාගන්න "ඕනිම දෙයක්" කරන්න රවීන් ඇත්තටම සූදානම්ද? (සමරිසි චරිත ඇතුලත් සිංහල බසින් ලියවුනු ප්රභන්ධයකි.)