chapter 27

2.4K 512 184
                                    


අහ්...මගෙ ඔලුව...

ජන්ග්කුක්ගේ කාර් එක පැත්තකින් ආපු කාර් එකක් එක පාරම හප්පගෙන ගියේ ජන්ග්කුක්ගේ ඔලුව සුක්කානමේ වදිද්ද.ජන්ග්කුක් හිටියේ හොදටම ශොක් වෙලා.එක පාර උන නිසා හාර්ට් බීට් එක එන්න එන්නම වැඩි උනා මිසක අඩුවක්නම් උනේ නෑ.

එක අතකින් ඔලුව අල්ලගෙන ජන්ග්කුක් ඔලුව උස්සද්දි කනෙන් ලේ බේරි බේරි බොහොම අමාරුවෙන් ජන්ග්කුක් වාහනෙන් එලියට එන්න හැදුවා.ජන්ග්කුක්ගේ සුදු ශර්ට් එකේ හැම තැනම ලේ පැල්ලම්.මූනත් වීදුරුවට කැපිලා තුවාල වෙලා.ඔක්කොටම වඩා ජන්ග්කුක්ට ලොකුවටම දැනුනේ එක පාර ආව ශොක් එක.

ජන්ග්කුක් කොහොම හරි ඔලුවෙන් බේරෙන ලේ පිහද පිහද කාර් එකේ දොර අරින්න ට්‍රයි කලා.ජන්ග්කුක්ගේ කනෙන් වගේම ඔලුවෙනුත් ලේ යන නිසා කොල්ලා ෆේන්ට් වෙන්න ඔන්න මෙන්න වගේ හිටියේ.

හෙහ්...මේ බලපංකෝ මූ තාම ජීවතුන් අතර.

මුගෙ පන හයියයි..වෙන එකෙක්නම් වැදුන පාරට එතනම මැරිලා.ආශ්...මේකව ඉවර කරපං.

ජන්ග්කුක්ට බොද වෙවී පෙනුනා මූන වහගත්ත මිනිස්සු කිහිප දෙනෙක් කතා කරනවා.ජන්ග්කුක් උදවු කරන්න කියලා කීපසැරයක්ම ඉල්ලුවා මොකද එයාට උන් කතා කරපු දේවල් ඇහුනේ නැති නිසා.

ආහ්.....මගෙ ඔලුව.........

ජන්ග්කුක්ගේ ඇස් වලින් හෝ ගාලා කදුලු බේරෙද්දි එයා ඒ කලුවර වටපිටාවම දෙවනත් වෙන්න කෑ ගැහුවේ ඔලුවෙන් ආපු ලොකු වේදානව නිසා.

ප$යා...තෝ..වරෙන් එලියට..උබේ අන්තිම දවස අද?

එතන හිටපු මනුස්සයෙක්ගෙන් කෙනෙක්..ජන්ග්කුක් හිටපු කාර් එකේ දොර කඩලා ජන්ග්කුක්ගේ ටයි එකෙන් ඇදලා එලියට ගත්තේ කිසිම හිතක් පපුවක් නැති මනුස්සයෙක් වගේ.

අහ්හ්...උබලා කවුද?

උබේ අවසානේ තීරනය කරන්න අපිව එවුවේ.

ආහ්.....ගහන්න එපා...

ජන්ග්කුක් වේදනාවෙන් කෑ ගහන්න ගත්තා..මොකද එතන හිටපු එක මිනිහෙක් යකඩ බටේකින් ජන්ග්කුක්ගේ බඩට දරුනු විදිහට ගහපු නිසා.ඒත් ජන්ග්කුක්ට ඒ මොහොතෙ මැවි මැවී පෙනුනේ එයාගේ ටේව..ටේ කියන්නේ ජන්ග්කුක්ගේ හැමදේම.ඒ නිසා ජන්ග්කුක් හිතට හයිය ගත්තා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now