chapter 30

3.1K 531 428
                                    


ටේගේ මුරන්ඩුකමත් එක්ක දවස් ගෙවිලා යද්දි යූරා.. ජන්ග්කුක් ටේ දෙන්නටම නපුරුකම් කරන්න පටන් ගත්තා.ජන්ග්කුක්ට ගොඩක් වෙලාවට එයා අපහස කලා.මේ දේවල් නිසා ජන්ග්කුක්ගේ අප්පා හිටියෙත් කලකිරීමෙන්.ගෙදර කාටවත් හරියට කෑම මේසේ ඉදන් කෑම ගන්න බැරි තරමට ගෙදර වැඩ ඔක්කොම අවුල් උනා.යූරා ඩැනියල් ජන්ග්කුක් ටේ මෙයාලා ඔක්කොම දුකෙන් ඉද්දි එක්කෙනෙක්නම් ගොඩක් සතුටු උනා මේ වැඩි වෙන ප්‍රශ්න දැකලා.

අදත් ඒ වගේම රන්ඩු පිරිච්ච දවසක්..වැදගත් පවුලක් කියලා හිතන්නවත් බැරි තරමට එයාලා කෑ ගහගෙන බැනගත්තා.ගොඩක්ම ටේ යූරා අතර තමයි ප්‍රශ්න ඇති උනේ.හැමතිස්සෙම යූරා ටේට බල කලා ජන්ග්කුක්ගෙන් ඈත් වෙන්න කියලා බැන්නා කෑ ගැහුවා..අහන්නේ නැතිම වෙනකොට එයාට ටේට පාරක් දෙකක් ගහන්නත් සිද්ද උනා.

එක පැත්තකින් යූරා සාදාරනයි.එයා එයාලගේ පෙලපතේ නම ආරක්ශා කරන්න ඕනි..පවුලට තව උරුමක්කාරයෙක් ඕනි.සමාජෙට මුන දෙන්න ඕනි..ඒත් තවත් පැත්තකින් යූරා අසාදාරනයි..එයා මේ කඩාකප්පල් කරන්න හදන්නේ තමන්ගේ දරුවගේ ජීවිතේට ඇති උන එකම ආදරේ...තමන්ගේ හුස්ම එයා ආදරේ කරන කෙනා කියලා හිතාගෙන ආදරේ කරන ආදරවන්තයෙක්ගේ ආදරේ.

ඔයාලා සහෝදරයෝ ටේහියුන්.....සහෝදරයෝ...එයත් ඔයාගේ ජින් හියොන්ග් වගේ..ඇයි තමුන්ට ඒක තේරෙන් නැත්තේ..

ටේගේ ඇස් වලින් කදුලු බේරෙද්දි යූරා ටේගේ උරහිසෙන් අල්ලලා හෙලවුවේ හයියෙන් කෑ ගහන ගමන්.ඒත් මේ කාමරේ ඇතුලේ වෙන රන්ඩුව එලියෙ ඉදන් තව කෙනෙක් ඇස් වල කදුලු පුරවගෙන අහගෙන හිටියා...ඒ ජන්ග්කුක්.ඔෆිස් ගිහින් කාමරේට යන්න එද්දි එයාට ඇහුනා ටේගේ අම්මා අදත් ටේව කාමරේට දාගෙන බනිනවා.

මගෙ මැනික මම නිසා බැනුම් අහනවා..කොහොමද මම ඉවසන්නේ????

ජන්ග්කුක් බිත්තියට අතින් ගහන ගමන් තරහින් වගේම අසරන කමකින් යූරා ටේට කෑ ගහන විදිහ අහගෙන හිටියා..යූරා බනිද්දි ටේ ඉකි ගහනවා ඇහෙද්දි ජන්ග්කුක්ට දොර කඩාගෙන ඇතුලට ගිහින් ටේව එලියට එක්ක එන්න ඕනි උනා..එයාට කෑ ගහලා කියන්න ඕනි උනා..මේ මගෙ පන..මෙයාව මගෙන් ඈත් කරන්න එපා කියලා.ඒත් ජන්ග්කුක් අසරනයි එයා දැන් ඇතුලට ගියොත් යූරා ටේට මැරෙන්න හිතෙන තරමට අපහස කරනවා කියලා ජන්ග්කුක් දන්නවා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now