Faded

765 118 119
                                    

Jjk Mansion

"ජිමින්... ඔහොම ඉන්නවා.. ඔයාට ඔහොම කරන්න බෑ ! "

මන්දිරේ විශාල දොරත් ඇරගෙන තමන්ගෙ තනි කැමැත්තට එලියට බහින ජිමින් දිහා බලාගන ජන්කුක් කෑ ගැහුවා. ජන්කුක් කොයිතරම් කෑ ගැහුවත් ජිමින් ආපහු හැරුණෙ නෑ. පුංචි පුංචි කෑලි දාස් ගානකට ජන්කුක්ගෙ හදවත කැඩිලා යද්දි ජන්කුක්ගෙ පළවෙනි වගේම අවසාන ආදරේ උන , සුරදූතයෙක් වගේ පෙනුමත් ඊට හාත්පසින්ම වෙනස් හිතුවක්කාර මුරණ්ඩු ගති පැවතුම් තිබුණු ජිමින් කියන සුන්දර තරුණයා විශාල මන්දිරයේ ගේට්ටුව දිහාට යුහුසුළුව ඇවිදගෙන ගියා .

" ජිමින්.... ඔයාට මෙහෙම යන්න බෑ...."

ජිමින් ගෙදරින් එලියට අඩිය තිබ්බ මොහොතෙම මුළු මන්දිරේම වහගත්ත මූසල පාලුව විසින් ජන්කුක්ව නිරායාසයෙන් ම නිවසින් එලියට තල්ලු කලා..

ඒත්......

ජන්කුක්ගෙ හැම ඉල්ලීමකටම ලැබුණු එකම එක ප්‍රතිචාරය උනේ ,

පිටුපස නොබලාම අහසට දිගු කරපු ජිමින්ගෙ දකුණතේ පුංචි මැද ඇගිල්ල විතරයි !

මන්දිරේ විශාල ගේට්ටුව ඇරගත්ත ජිමින් එයාව එක්කගන යන්න ඇවිත් තිබුණ කලුපාට සුඛෝපභෝගි කාර් එකට ගොඩ උනේ දීප්තිමත් හිනාවක් එක්ක කාර් එකෙන් බැහැපු කඩවසම් තරුණයාව වැලදගත්තට පස්සෙයි.

.
.
.
.

" ජිමින්......"

මන්දිරේ ගේට්ටු ස්වයංක්‍රීයව වැහිලා යනවත් එක්කම තමන්ගෙ ආදරෙත් උදුරගෙන තමන්ගෙ ඇස් මානයෙන් දුරස් වෙන කාර් එක දිහා ජන්කුක් බලාගන හිටියේ හිස් බැල්මකින්. හදවතේ හැම තැනකින්ම ඒ වාහනේ පිටිපස්සෙන් ගිහින් තමන්ගෙ ආදරේ ආපහු ලබාගන්න කියලා ජන්කුක්ගෙ හදවත කෑ ගැහුවත් , හෙලවෙන්නවත් බැරි විදියට ජන්කුක්ගෙ අතපය හදවතට එරෙහිව මොළය විසින් අගුලු ලා තිබුණා.

" ඒක එයාගෙ සතුට.... යන්න දෙන්න..... "

" ජන්කුක්.... එයාව නවත්තගන්න ."

හදවතත් මොළයත් මාරුවෙන් මාරුවට ජන්කුක්ට බලපෑම් කරන්න පටන් ගද්දි තවදුරටත් දෙපයින් හිටගන ඉන්න බැරි තැන කදුලු පිරුණු ඇස් එක්ක ජන්කුක් දණින් වැටුණෙ  හෘද සාක්ශියටත් මනසටත් එරෙහිව සටන් කරන්න තරම් ශක්තියක් එයාගෙ ආත්මය තුළ නොතිබුන හින්දා. ජන්කුක්ගෙ ඇස් වලින් ගලපු කදුලු , ජන්කුක්ගෙ හදවත පෙළන්නට උන පරාජිත හැඟීමට සාක්ශි දරමින්ම අතීතයේ ජිමින්ගෙ සිපගැනීම් වලින් පාට උන ජන්කුක්ගෙ කම්මුල් වලින් ඒ ආදරණීය වර්ණ දිය කරලා අරින ගමන්ම කම්මුල් දිගේ පල්ලම් බැස්සා.

ҒᎪᎠᎬᎠ ᎪᏔᎪᎽ || ᴠᴍɪɴᴋᴏᴏᴋ Where stories live. Discover now