chapter 33

3.1K 527 230
                                    

ටේ කතා කරන්නේ තියා ඇස් අරින්නෙවත් නැති නිසා ජන්ග්කුක් බය උනා..
ඒ නිසා ජන්ග්කුක් එතන තිබ්බ බෙඩ්ශීට් එකෙන් ටේව ඔතාගෙන ඇස් වලින් කදුලු බේරෙද්දිම ගෙදර තිබ්බ අප්පගෙ කාර් එකට ටේව දාගෙන හොස්පිටල් එකට යන්න පිටත් උනා.

ගමන යන අතර මග ටේ වේදනාවෙ කෙදිරිගාද්දි ජන්ග්කුක් තවත් අසරන උනා.

ඉවසන්න මැනික..තව ටික දුරයි..

ජන්ග්කුක් ඩ්‍රයිව් කරන ගමන් ටේගේ ඔලුව ආදරෙන් අතගෑවා...ජන්ග්කුක්ගේ ඇස් වල කදුලු...මේ දවස් ටිකට ජන්ග්කුක් ඕනවටත් වඩා ඇඩුවා..කවදාවත් මොනම දේකටවත් අසරන උනේ නැති කොල්ලා අද අසරන වෙලා.

ජන්ග්කුක් පුලුවන් තරම් වේගෙන් ලගම තිබ්බ හොස්පිටල් එකට ටේව එක්කගෙන ආවා.ටේව බෙඩ්ශීට් එකෙ ඔතාගෙනම ඇතුලට අරගෙන යද්දි ඩොක්ටර්ස් ලා ඇවිත් ටේව ට්‍රොලියක දාගෙන ඇතුලට එක්ක ගියා.ජන්ග්කුක්ට ටේත් එක්කම ඇතුලට යන්න ඕනි උනත් ඩොක්ටර් ඒකට ඉඩ දුන්නෙ නෑ.

ජන්ග්කුක් ටේව අරගෙන ගිය හොස්පිටල් රූම් එක ලග එහාටයි මෙහාටයි ඇවිද ඇවිද කොන්ඩෙන් ඇදගත්තා...අසරනකමටම ජන්ග්කුක්ට කෑ ගහලා අඩන්න ඕනි උනා..ඒත් ටේ ඉන්න තත්වෙත් එක්ක ජන්ග්කුක්ට වැටෙන්න බෑ..අඩන්න බෑ..ටේගේ හිත හදන්න ජන්ග්කුක් ශක්තිමත් වෙන්න ඕනි..ඒ නිසා ජන්ග්කුක් අඩන්නේ නැතුව හිත හයිය කරගන්න ගොඩක් උත්සහ කලා.

ජන්ග්කුක් ටේගෙන් හිතින් දහස් වාරයක් සමාව ඉල්ලුවා..සමහරවිට මට සමාව දෙන එකක් නෑ.ජන්ග්කුක්ට හිතුනා.ජන්ග්කුක් ටේව බලන්න වෙලාවට ගියානම් මෙහෙම වෙන් නෑනේ කියලා ජන්ග්කුක් හිතින් පසුතැවුනා..ටේට මෙහෙම වෙන්න සම්පූර්ණ හේතුව එයා කියලා ජන්ග්කුක් හිතින් විදෙවුවා..වැරදිකාරයෙක් විදිහට.










එක්ස්කියුස් මී....දැන් ගෙනාපු පේශන්ට්?

ජන්ග්කුක් ඉදගෙන හිටපු තැනින් නැගිටලා ඩොක්ටර් ලගට දුවගෙන ආවා.

ඩොක්ටර් එයාට කොහොමද?මොකුත් ප්‍රශ්නයක් නෑ නේද?

ජන්ග්කුක් අඩන්න ඔන්න මෙන්න වගේ ඩොක්ටර්ගෙන් ඇහුවා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now