Episode 01

304 69 32
                                    

කාලෙකට කලින් ලෝකයක් දන්න boy band එකක ඉන්න  main rapper ගෙ  girl friend  වෙච්ච මං අද  ඒ හෙවණෙ  උණුසුමේ නීතයානුකූල අයිතිකාරී... කාටවත්ම කඩලා වෙන් කරන්න බැරි වෙච්ච ගහට පොත්ත වගේ හරි ලස්සන බැදීමක් අපි අතරේ තිබුනා...

ඔව් මං යුංගිගෙ wife ...

අප්පෙක්ගෙ ආරක්ෂාව  එක්ක එයා හරි ආදරෙන් මාව බලා ගත්තා... ඒ වගේම තමයි ලෝකෙට කොයි විදිහ වුණත් ඒ නිහඩ චරිතෙ ඇතුලෙ මහ ලොකු ආදරයක් ගැබ් වෙලා තිබුනා... ඒක මට විතරක් නෙවෙයි මගේ ගෙදර අයටත් එයා අඩු නැතුව දුන්නා...

හොද පුතෙක් , හොද අප්පෙක් , හොද සැමියෙක් කියන හැම චරිතයක්ම එයා හරි අපූරුවට  මේ ජීවිතේ කියන රග මඩලෙ රග දැක්කුවා...ඔව් ඒ මං මේ ලෝකෙ ගොඩක් ආදරේ කරන ගෞරව කරන චරිතයක්... තමයි  යුංගි

අපේ පුංචි පවුල සම්පූර්ණ වුණේ පොඩි කොලු පැටව් දෙන්නෙකුත් එක්ක... ඔව් ඒ මගෙයි යුංගිගෙයි ආදරේ සංකේත දෙක.... අපිව වගකීම් වලින් පුරවලා මේ ලෝකෙ දෙන්න පුලුවන් උපරිම තනතුර දුන්නෙ ඒ මැණික් කැට දෙක... කොල්ලො 2 ක් වුණාට යුංගිත් ඉතින් පොඩි එකා වගේ මං ගාව හුරතල් වුණේ හරි ආදරෙන් ... මාත් ඉතින් boys college  එකකට උගන්න ගිය teacher  කෙනෙක් වගේ මේ කොල්ලො එක්ක හරි හරියට ඔට්ටු වුණා... මගෙ රස්සාව එක්ක මට වෙලාව හොයා ගන්නව කියන එක හරි අමාරු දෙයක් .  මොකද මං ජීවිත ගාණකට ජීවිතේ දෙන ලෝකෙ තියෙන උතුම් රස්සාවක් වෙච්ච doctor  කියන රස්සාව කරන එක මනුස්සයෙක් ....

ඔව් අපේ සතුටට ලොකු ආයු කාලයක් තිබුනෙ නැත්තෙ කලින් ආත්මෙකදි මං අතින් වෙච්චි පවක් මේ ආත්මෙදි මට පඩිසන් දෙන්න පටන් ගත්ත නිසා....
ජීවිතේ තරුණ කාලෙ සමනලියක් වගේ හිටිය මගේ ජීවිතේ තනිකරම කනපිට හැරෙන්න ගත්තේ
ලොකු පුතාට වයස 10 ක් වෙද්දින් පොඩි පුතාට වයස 05 ක් වෙච්ච කාලෙදි

නිතර නිතර ඔලුවෙ කැක්කුමක් එනකොට මං හිතුවෙ මේ පොඩි කොල්ලො දෙන්නා එක්ක ඔට්ටු වෙනකොට වෙන්න ඇති කියලා ... ඒ කාලෙ ඉදන් මායි යුංගියි කියන්නෙ හරි නිහඩ චරිත දෙකක්..වූමනාවකටම ඇරෙන්න අපි කතා කරේම නැති තරම් ...ඒත් අපි වගේ නෙවෙයි මේ කොල්ලො දෙන්නා... කොයි වෙලෙත් ඇත්තන් දෙන්නා එක්ක කඩෙයක් ඇරන් නැත්තම් පොඩි පොඩි වලි... ඕවා බේරන්න  , මේ දෙන්නට යුංගි නැති අඩුව නොදැනෙන්න මං එයාලා ලගින්ම හිටියා... disband වුණත් එයා තාම  hybe එකේ music producer කෙනෙක්.නිතර ගෙදර එන්නෙ නැති නිසා මේ පැටව් දෙන්නා එක්ක මං තනි වුණත් යුංගි අතින් වෙන්න තිබුන හැම වගකීමක්ම මගෙ අතින් මං ඉෂ්ට කරේ හරි සතුටින් .

The Winner [ COMPLETED ] Where stories live. Discover now