chapter 37

3.1K 562 155
                                    


ජන්ග්කුක් කෝල් කරලා හරියටම දවස් දෙකකට පස්සෙ අජුම්මා ටේකුක් ගෙදර ආවා.

එදා ඉදන් අජුම්මගෙ රාජකාරිය උනේ අපේ චූටි රේචල් බබාව බලාගන්න එක.මුලදිනම් අජුම්මට ලේසි උනේ නෑ..මොකද අජුම්මා වඩාගද්දිත් රේචල් මරලතෝනි දීලා ඇඩුවා..එයා කවුරු නැතත් හෙවුවෙම ටේගෙ උනුහුම..මේ අතරම ජන්ග්කුක්ට ඉරිසියා හිතෙන වැඩත් රේචල් හුරතලේට වගේ කලා.මොනා උනත් මේ එයාගේ ලේ වලින් හැදිච්ච දරු පැටියා නිසා ජන්ග්කුක් ඉවසුවා.

රේචල්ට මාස හයක් විතර වෙද්දි හැමෝටම එයාව පෙනුනේ ටේ වගේ..ඒ මූනමයි ඒ ඇස් දෙකයි..තද කලු පාට කොන්ඩෙයි..රේචල් ඇත්තටම ටේ පොඩි කාලේ වගේමයි.

මාස හයක රේචල් තමයි ජන්ග්කුක්ගේ වගේම ටේගෙත් මුලු ලෝකෙම උනේ.ජන්ග්කුක් තවත් මහන්සි වෙලා වැඩකලා..රේචල්ගේ අනාගතේ හදන්න..මොකද රේචල්ට දෙන්න ලොකු වත්කමක් ජන්ග්කුක් හදලා නැති නිසා.ටේත් රේචල්ව එයාගෙ අත් වලින් මලක් වගේ හැදුවේ...රේචල් අඩනවට ටේ චුට්ටක්වත් කැමති නෑ..ඒ නිසා අඩන්නේ ජන්ග්කුක් අතේ ඉදලා උනත් අඩන වෙලාවට ටේ ඉක්මනට රේචල්ව එයාගේ අතට ගන්නවා.රේචල් අප්පට වඩා ලග පපාට.පපා කියන්නේ රේචල්ට හුස්ම වගේ.පේන්න නැත්තම් මූන ඇබුල් කරගෙන ඇඩුවම පපා කොහෙ ඉදලා හරි එයාව හොයන් එනවා කියලා චූටි රේචල් දන්නවා.

NIGHT🌃

රේචල් ඇහැරිලාද කොහෙද අජුම්මා..
ඉන්න මම බලලා එන්නම්.

ටේ කෑම මේසෙන් නැගිටලා ගියේ නින්දෙන් ඇහැරිලා අඩන රේචල්ව බලන්න.

අනෙ...මගෙ ප්‍රින්සස් ඇහැරුනාද..

අප්පගෙ ප්‍රින්සස් කෝ...

පපාගේ චූටී සුරංගනාවි කෝ...

බොරුවටනේ අඩන්නේ....දැන් හිනා වෙනවා..

අප්ප වගේමයි හලිම කපටියි මෙයා.

දොර ලගින් එද්දිම ටේ රේචල්ට කතා කරනවා ඇහිලා රේචල් හයියෙන් හිනා වෙන්න ගත්තේ ටේගේ හිතත් සනසලා.

ටේ රේචල් ලගට වෙලා එයාගේ මූන ඉබ ඉබ හුරතල් කරනවනම් රේචල්ට තව මොකුත් ඕන නෑ..එයා දවසම උනත් එහෙම ඉදියි.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now