The endless path.

226 62 56
                                    

" පැමිනිල්ල පැහැදිලියි ස්වාමීනී. කිම් සොක්ජින් වන විත්තිකරුට මරනීයදන්ඩනය නියම කරන්න කියලා මම ඔබතුමාගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා . "

බංකුවක් උඩ වාඩි වෙලා ඔහේ බලාගෙන ඉන්න අවුරුදු විසිනවයක් තිහක් විතර වයසැති කිම්සොක් ජින් කොල්ලා දිහා බලාගෙන කට කොනින් හිනාවුනු පාක් ජිමින් නම් නීතිඥයා පවසද්දී ඔහුගේ ප්‍රතිවිරුද්ධ ව සිටි නීතිඥයා වන කිම් ටේහ්‍යුන්ග් ඉදිරියට ආවා.

" ස්වාමීනී එහෙම කරන්න අවසර නැහැ ඔහු ලෙඩෙක් . එහෙම කරන්න අවසර නැහැ . "

ටේහ්‍යුන්ග් ජින් දිහා බලාගෙන අඩද්දී ජිමින් ආයෙමත් සැරයක් උත්තර දෙන්න පටන් ගත්තා.

" ඒක නිසා වෙන්නැති තමන්ගේ බිරිදයි දරුවයි මරලා දාන්න ඇත්තේ. "

" දෙන්නම නිශ්ශබ්ද වනු . මෙම නඩුව ලබන මස විසි පස් වන දින තෙක් කල් දමනවා . විත්තිකරු එතෙක් සිරගත කරන්න. "

විනිසුරුවරයා එහෙම.කියද්දී බංකුවේ උඩ වාඩි වෙලා හිටපු ජින් ලගට පොලිසියෙන් ඇවිත් ජින්ව අරන් හිරකූඩුව ලගට යද්දිත් ජින් වෙන පැත්තක් බලාගෙන තනියම හිනාවෙනවා.

ජින් යන දිහා බලන් හිටපු ටේහ්‍යුන්ග් අතේ තිබුනු ෆයිල් ටික අතට තදින් ගුලි කරගත්තේ කොහොම හරි තමන්ගේ හ්‍යුන් ව බේරගන්නවා කියලා බලාපොරොත්තුවෙන්.

" තමුසෙගේ හ්‍යුන් ට මම නිදහසේ ඉන්න දෙන්නෑ ටේහ්‍යුන්ග් , මගේ නූනවයි අර අවුරුද්දක්වත් වයස නැති පොඩිඑකාවයි මරලා දාපු එකට . "

ජිමින් ඇවිත් එහෙම ටේහ්‍යුන්ග් ට කියලා යද්දී කොල්ලා ජිමින් යන දිහා බලන් හිටියා.

කොල්ලා එතනදි අසරනයි
තමන්ගෙම හ්‍යුන්
ඒත් කොල්ලා බේරන්න යන්නේ තමන්ගෙම බිරිදවයි දරුවයි මරලා දාපු මිනීමරුවෙක්ව.

කොල්ලා ගොඩක් අසරණයි .

යකඩ කූරු වලට හිරවෙලා ඉන්න හ්‍යුන් ව එක සැරයක් බලලා යන්න. කතාකරන්න ඕන වුනත් කොල්ලා තමන්ගේ හ්‍යුන් ගේ මානසික මට්ටම ගැන බලලා ආයෙත් සැරයක් යන්න ගියා.

ජින් තාමත් එලියේ වෙන දේවල් ගනන් ගන්නැතුව කූඩුව ඇතුලට වෙලා ඉන්නවා. තමන්ගේ මල්ලී කොල්ලව ඇවිත් බලලා ගියාදවත් කියලා කොල්ලා තාම දන්නෑ. එක පාරටම බිත්තිය දිහා බලාගෙන හයියෙන් හිනාවෙන්නත් තව සැරයකට බිත්තිය දිහාම බලාගෙන අඩන්නත් කොල්ලා පුරුදු වෙලා හිටියා.

The endless path ||  KSJ ||  [ completed ]Where stories live. Discover now