Untold Love

188 64 73
                                    

ඝන අනධකාරයෙන් වෙලාගත්තු මුලු පරිසරයම නිහඩ බවකින් පිරිලා තිබුනේ මූසලබවක් පෙන්නනගමන්.. තැන් තැන් වලින් විහිදෙන විදුලි බුබුලු ආලෝකය ඇර ඒ ළගපාතකින් හඳවත් තනියට නැත්තේ වලාකුලුවලින් හඳ ගිලගෙන තිබුනු නිසා.. හැමදේම , හැමතැනක්ම අදුරුයි..

සොහොන් කොතකට හේත්තුවෙලා මම බලාගෙන ඉන්නේ මගේ වටේටම තියෙන අදුරු පරිසරේ දිහා.. කොයි තරම් අදුරු වුනත් , කොයි තරම් මූසල වුනත්.. මට දැන් ඒක පුරුදුයි.. මම ඒකට කැමති..

හමාගෙන ආව සීත සුලං මාව හැමවෙලේකම වැලදගත්තත් මට දැනුනේ නෑ කිසි සීතලක්.. මගේ ඇග ඇතුලින් ගිනි ගන්න හදවතට පුලුවන් ඒ සීතල නැතිකරලා දාන්න.. වටේට තියෙන ගස් වලින් මට ඇහෙන්නේ සරු සුරු සද්දයක් විතරයි.. ඒවා තාලෙකට හෙලවෙනවා කියලනම් මට කියන්න බැහැ..

Seok Jin.. Kim Seok Jin

ඒක තමයි මගේ නම.. ඔව් මම තමයි ලෝකප්‍රසිද්ද BTS සංගීත කණ්ඩායමේ වැඩිමල්ම සහෝදරයා.. ගොඩක් දෙනෙක් මට ආදරෙයි.. මට තිබුනු එකම සැනසීමත් ඒ මිලියන ගානකගේ ආදරේ..

සහෝදරයෝ හය දෙනෙක්ට වැඩිමල් සහෝදරයා වෙන එක මට ලොකු අභියෝගයක් වුනා.. පුංචි කොල්ලෝ තුන් දෙනාගේ දග වැඩ, නම්ජූන්ගේ නායකත්වය, හෝසොක්ගේ පිස්සු වැඩ එක්ක, යූන්ගිගේ කම්මැලිකම, මට ටික මොහොතකට හරි සතුටක් ළං කරනවා.. ඒ ඉන්නේ එක කුස නූපන් මගේම සහෝදරයෝ .. ඔව් අපි එක පවුලක්..

ගොඩක් දෙනෙක් BTS කියන්නේ කවුද කියලා දන්නවා ඇති.. කතාවක් තියෙනවනේ BTS කියන්නේ පොතක්නම් ඒක ආසාවෙන් මග නොහැර කියවන්නේ ආමි කියලා.. හ්ම් ඒක ඇත්ත.. අපේ ජීවිත කතාවේ වචනෙන් වචන මග නොහැර කියවන්න ඉන්නේ ARMY .. පෙළක් මිනිස්සුන්ට අපේ ජීවිතේ ලස්සන පිටු මගහැරෙද්දි ආමිලා ඒ හැමදෙයක්ම කියෙව්වා.. මගහැරලා කියවපු අය අපිට මොන දේ කිව්වත් අපේ ආරක්ෂාවට අපි ළගින්ම ඉන්නේ ARMY.. කවුරු අපිට කතා හැදුවත් කතාව ලියන අපි දන්නවා අපේ ජීවිතේ ගැන..

කාලෙකට කලින් මගේ මල්ලිලා ටික ආස දේවල් වල ගනන් බලලා මුකුත්ම නොගෙන යද්දි ලොකු අයියා විදිහට මන් ගොඩක් අසරණ වුනා.. එයාලට ඕනි දේවල් අරන් දෙන්න තරම් හයියක් මට නෑ කියලා මන් දන්නවා.. ඒත් දැන් මට සතුටුයි.. අපිට ඕනි හැමදේම දැන් අපිගාව තියෙයි.. මේවා කලු සල්ලි නෙවෙයි කියන්න අපි හත් දෙනා හොදින්ම දන්නවා.. මේවා අපි මහන්සියෙන් හම්බකරලා ගත්තු දේවල්.. අවුරුදු අටක මහන්සිය..

Untold Love : KSJ [ COMPLETED ]Where stories live. Discover now