Author's pov-

1.8K 179 35
                                    


Kim Namjoon
Kim Seokjin
Min Yoongi
Jung Hoseok
Park Jimin
Kim Taehyung
Jeon Jungkook
BTS..!!

පාට පාට එලි විහිදෙන ආමි බෝම්බ් අත් වලින් ගත්ත ප්‍රේක්ශකයෝ දිගින් දිගටම එයාලගෙ ෆෑන්චැට් එක පවත්වාගෙන ගියා. ස්ටේජ් එක උඩ පුංචි දරුවො වගෙ දග කරන එයාලගෙ ඒන්ජල්ස්ලා හත් දෙනා වෙනුවෙන් එයාලා පුලුවන් උපරිමයෙන් කෑගැහුවා. ඒ අයගෙ පුංචි පුංචි හුරතල් වැඩ වලට ප්‍රේක්ෂකයෝ ඕනවටත් වඩා සතුටු උනා.

කිම් නම්ජූන්... මේ හැමදේකම බර කරට ගත්ත මේ පුංචි බෑන්ඩ් එකේ නායකයා. ස්ටේජ් එක පුරාම දුවන්නේ එයාගෙ මූණට දාපු හදවත් හැඩයේ ලොකු කාච තිබුනු කණ්නාඩි දෙකත් අතකින් අල්ලගෙන. ඒක මූනෙන්ම බාගයක්. ඒත් වැඩිවෙලාවක් නොගිහින්ම එයාගෙ අතේ තිබුන කණ්නාඩි කුට්ටමෙන් එක පලුවක් අතට ආවේ කොල්ලා ස්ටේජ් එක මැදම හිටගෙන මූණත් බෙරි කරගෙන ඒක දිහා බලාගෙන ඉද්දි.

එතකොට ජින්... එහෙමත් නැත්තම් මේ ඔක්කොගෙම ලොකු අය්යා. හැමෝගෙම පොඩි එකා වගේ මූණට එක එක විකාර කරමින් දුව ඇවිද්දා. සමහර වෙලාවල් වලදි ආමිලා දිහා බලාගෙන යටිගිරියෙන් 'ආදරෙය් ආමී' ගෑවා. එයාටම ආවේණික් හදවත පුරවන හාදු, එකකට පස්සෙ එකක් ආමිලාගෙ පැත්තට පාවෙලා ගියා. කොල්ලා මූණ ඇල කරගෙන කටත් උල් කරගෙන ලොකුම ලොකු හාදු ගොඩාක් ආමිලාට දුන්නා.

එතකොට කම්මැලියා යුන්ගි... එයාට අදනම් කම්මැලිකමක් නෑ වගෙ. අනිත් අය වගේ ස්ටේජ් එක පුරා එයානම් දිව්වෙ නෑ. හිමින් හිමින් ඇවිදිමින් එයා හැම පැත්තටම ඇවිද්දා. කලාතුරකින් ඇදෙන එයාටම ආවේණික ලස්සන හිනාවෙන් ආමිලාට සංග්‍රහා කරන ගමන්. ඇස් හීනිවෙන ගමී හිනාව....

හැමෝගෙම බලාපොරොත්තුව ජේ හෝප්. කොල්ලානම් වය්න් උන බෝනික්කෙක් වගේ. විනාඩි ගානෙන් අර විශාල ස්ටේජ් එක පුරාම එයා වට දෙක තුනක් දුවනවා. නිකම්ම නෙවෙයි පසුබිමින් ඇහෙන වාදනයට නටනටාම. එයාගෙ මූණෙ පිරුනු සතුටු හිනාව ස්ටේජ් එක පිටිපස්සෙන් තිබුන ලොකු තිරය පුරා කීපසැරයක්ම රැදුනෙ ප්‍රේක්ෂකයන් තවතවත් ආකර්ශනය කරවලා.

ඊළගට පුංචි තුන්කට්ටුව..,

තුන්දෙනාම හැසිරුනේ හත්අවුරුද්දක් සාගතේ හිටපු උන් ටිකකට පාන් රාත්තලක් දුන්න ගානට. කාලෙකින් ආමිලා මුණගැහෙන්න ලැබුන එකට තුන්දෙනා හිටියෙ පිස්සු වැටිලා.

VMINKOOK || Short Story [COMPLETED]Where stories live. Discover now