was it really you or just the image i created from you ..??!!

123 16 22
                                    

විලම්බීත වල තිලක වගේ...
අපූර්ව සන්සාර් වල අපූර්ව වගේ
නිකැලැල් ප්‍රතිරැවක්
තියෙනවා මගෙ හිතේ තාම ඔයා ගැන...

පාසලේ සිසු තරුව
හැමදේටම දක්ෂ..
මගේ අම්මත් දැකපු
හොඳම ලමයෙක්ලු ඔබ.,
කවියේ සිරිමත් වගෙයි
මගෙ යාලුවොත් කියපු..

එය ඇත්තක්ද
නැත්නම් මම හිතෙන්
මැවූ දෙයක් විතරමද..

අපි ආයෙ හමු වුනා නම්
එක මගක ගියා නම්
ඒ සොදුරු සිත්තම
වෙනස් වෙන්නට තිබුනා..

ඒ කාලෙදිම අපි
මග දෙකක ගිය නිසා
වැඩිහිටියන් වුන පසුව
අපි හමුනොවුන නිසා..
තාමත් මගෙ හිතේ
තියෙන්නේ ඒ චිත්‍රයයි..
හිමිදිරි උදෑසන පිපුණ
පිනි බින්දුවක් වගේ
ඔයාගේ ප්‍රතිරෑපයයි..

විලම්බීත වල තිලක වගේ...
අපූර්ව සන්සාර් වල අපූර්ව වගේ
පිනි බින්දුවක් වගේ නිර්මල
ඔයාගේ මතකයයි..

------------------------------------------------------------
references-
-විලම්බීත නවකතාව - ටී.බී ඉලන්ගරත්න
-අපූර් සන්සාර් ( apu's world ) sathyajith rayi
-සිරිමත් මගෙ සකි කවි පෙල - කුමාරතුන්ග මුනිදාස

Thanks to influence of my dear friends @Mad655 and @NirMad238 me too, tried to little something here in wattpad ..

Dreamcatcher.🤍🤍Where stories live. Discover now