Love is a pain 💔

200 39 19
                                    

🔔ටිං ටිං ( phone notification sound )

මම මට ආදරේ තරම්ම උබට ආදරෙයි...ඒත් ඒක යාලුකමක් ද වෙන දෙයක්ද කියන එක මම දන්නේ නෑ....මට ඔයාව නැති කරගන්න බෑ...ඒක මම මට කරන ද්‍රෝහිකමක්...ඒකයි මාත් එක්ක ඉන්න පුලුවන් නේද කියලා ඇහුවේ...ඒ වෙලාවේ ඔයා මාව දාලා යන එක නවත්තන්න මට කියන්න තිබ්බේ එච්චරයි...ඒකේ හරිවැරැද්ද මම දන්නේ නෑ...හැබැයි ඒක මම ඔයාට කරපු වැරැද්දක්....මට පුලුවන් වුනානම් හැමදාම ඔයා ලගින් ඉන්නවා ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි....ඒක ඇතුලේ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා...ඒවා දැන දැන මට ඔයාව අමාරුවේ දාන්න බෑ...මම දෙන එක බලාපොරොත්තුවකින් ඔයාට ඔයාවම නැති වෙන්න පුලුවන්....මට බෑ ඔයාට මගේ හොදම යාලුවා කියන්න...නංගි කියන්නත් බෑ ඒක යාලුකමට එහා ගියපු ආදරේට මෙහා තියෙන දෙයක්...ඒක ඒම කියන එක හරිද වැරදිද කියන එකත් මම දන්නෙ නෑ....

මේක දුර දිග ගියා වැඩී මට ඔයාව රිද්දන්න බෑ...ඔයාගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්නත් බෑ...ඒ වගේම මගේ හැගීම් එක්කත්....පහුගිය දවස් දෙක තුනේ මට ඒක හොදට දැනුනා...ඔයාව තනි කරන්න වෙන එක ගැන සමාව දෙන්න පුලුවන්නම්...ඒත් තවත් මට මේක අල්ලන් ඉන්න අමාරුයි...

Mg end🔕

"අන්තිමට මේ දේ වෙනවා කියලා මං දැනන් උන්නා..."

ඇස් වලින් පටන් අරන් කම්බුල් දිගේ ආපු ඒ කදුලු අතේ පිටි අත්ලෙන් පිහින ගමන් හෙමීට මුමුනපු ඒ ගෑනු ලමයා ආපහු ෆෝන් එකත් අරන් ඇදට ගිහින් ඇල වුනා....

දුක නැති වෙන්න සින්දුවක් දාන්නම් කියලා අතට ගත්ත ෆෝන් එක දැක්කම ආයේම කෙල්ලටත් හොරෙන් ඒ උනුහුම් කදුලු බේරුනේ කෙල්ලගේ දුක තව ඔප්පු කරන්න වගේ...

මොකද කෙල්ලගේ ෆෝන් එකේ wallpaper photo එක වුනෙත් එයාගේ ආදරේ නිසා...

"කෙල්ලෙක් කවද්ද තවත් කෙල්ලෙක් ට ආදරේ කරේ....මම ආදරේ කරාට..."

ඉකි ගගහා ඉන්න කෙල්ලගේ කටින් ඒ දේ ඒ විදියට පිටවෙද්දී ඒ ඉකිය මහා හැඩුමක් බවට පත්වෙන්න ලොකු වෙලාවක් ගියේ නෑ...

තාත්තා කවුද කියලා දන්නේ නැති අම්මා ඉන්නවට ඉන්නකොට පවුලේ අනිත් අයගෙන් ආදරේ නොලැබෙන කොට ඒ හිත හැමදාම හෙවුවේ තමන්ව ආරක්ශා කරන ආදරයෙන් බලාගන්න ආදරයක් විතරයි...

Love is a pain💔 || gl || ( Complete )Where stories live. Discover now