🥀 1st Episode 🥀

3K 314 136
                                    

Xiao House

ශියාඕ කෲස් හා ශියාඕ ජානූ ආදරණිය යුවලකි... මීට වසර 30කට පෙර විවාහ වී ඉන් වසර පහකට පසු දරුවන් ලද යුවලකි....

පුතුන් දෙදෙනෙකුගෙ දෙමව්පියන් වන කෲස් හා ජානු යුවල ඉතාමත් ප්‍රීති ජීවිතයක් තමයි ගත කරන්නේ..

♟️කෲස්
♣️ ජානු

*

*

♟️ ජානූ...හනී.. කෝ අනේ මේ කොල්ලෝ දෙන්නා... බලන්නකෝ වෙලාව කීයද කියලා...

♣️ හරි හරි අනේ අද ඔෆිස් යන්නෙත් නැති එකේ ටිකක් නිදාගත්තුවාවේ.. චාන් පුතුනම් නැගිටින එකක් නෑ අද...

♟️ අයියෝ මට දුක මගේ කොල්ලා ගැන.. තැලිලද දන්නෑ යටවෙලා...

♣️ අමුතුවෙන් තැලෙන්න දෙයක් නෑනේ එයාගේ... උදේට හැමදාම නහයෙන් අඩාගෙනනෙ එන්නේ...

කෲස් හා ජානූ මේ කතා කරන්නේ කුස්සියේ ඉදන්.. අද ඉරිදා දවසක්.. පිරිමි තුන් දෙනාම අද ගෙදර.. හේතුව ගෙදරට කෲස්ගෙ යාලුවෙක් එන නිසා උනත් වැඩ වැඩි කියලා ඒවා කරලා දෙන්න නැවතුන කොල්ලො දෙන්නා උදේ 11ත් වෙලා තාම නිදී... අසරණ ජානූ ඉතින් වැඩ...

♟️ යන්නකෝ අප්පා.. කොල්ලො දෙන්නව අවදි කරන්නකෝ.. මට පාලුයිත් එක්ක... කැරමක් වත් ගහන්න එන්නෑනේ මුන් දෙන්නා...

♣️ ඈහ්...ගස්සනවා මන් කැරම්... අර මිනිස්සු යනකල් ඔය කැරම් බෝඩ් එක ඇල්ලුවොත් මන් දෙන්නෙ ඔයාට පොල්කටු හැන්දෙන්...

♟️ හපෝ.. මේ ගෑනිගෙ සැර...

♣️ සැර වෙන්නෙත් ආදරේට මහත්තයෝ... මන් බලලා එන්නම් ජෝඩුව...

ජානූ කෲස්ගෙ කම්මුලකුත් අබරලා ඒ ගියේ... ම්ම් ජානු අසීමිතව ආදරේ දෙන ගැහැණියක්... සැමියට වගේම දරු දෙන්නාටත්...

උඩ තට්ටුවේ කෙරවලේම කාමරේ තමයි කොල්ලො දෙන්නා ඉන්නේ... ජානු ගිහින් දොරට තට්ටු කරා.. නෑ.. සද්දයක් නෑ...දෙවනි පාරටත් දැම්මා තට්ටුවක්.. ඒත් නෑ..

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now