🥀 4th Episode 🥀

1.3K 262 79
                                    

ශාන් බෝවත් ඇදගෙනම ආවේ පරණ ස්ටෝරූව පිටිපස්සට.. ලොකු ඉඩක් නම් නෑ ඉතින්.. ඒත් රහසක් කතා කරන්න කියාපු පොට් එක තමයි මේ... ශාන් බෝගේ අතකිනුත් අල්ලන් හිනාවක් දාන් ඉන්නවා.. බෝ වටපිට බලනවා..

❤️ කවුරුත් එන්නෑ ඉතින්... දැන් කියමු බලන්න...

💚 ආ.. මේ මේ.. මේකයි... අයියෝ කියවෙන්නෑනේ අප්පා...

බෝ ඔලුවත් කස කස කියද්දි ශාන් බැලුවේ මේ කොල්ලට පිස්සුද කියලා.. කියන්න දෙයක් තියෙනවලු.. හැබැයි කියන්නෙත් නෑ..

❤️ කියන්න දෙයක් නැද්ද ඉතින්...

💚 තීනවනේ...

❤️ ඉතින් කියන්නකෝ...

💚 ඉතින් මේ ඒක කියවෙන්නේ නෑනී...

❤️ කොහෙහරි හිර වෙලාද...🤣🤣

ශාන්ගේ පුලුල් හිනාව එහෙම ලේසියෙන් එලියට එන එකක් නම් නෙවෙයි.. ඒක ගොඩාක් වෙලාවට එලියට ආවේ චාන් ඉස්සරහා විතරයි.. ඒත් දැන් බෝ ඉස්සරහත් ඒක එලියට ආවා...

" වා...ව්...එයා සුරදූතයෙක් වගේනේ... "

බෝගේ හිත කෑ ගහද්දි විනාඩි ගානක් ශාන් කරේ හිනා වෙන එක...ඒ කාලේ පුරාවටම බෝ නම් පිස්සෙක් වගෙ බලන් උන්නේ...

❤️ මගේ ඩීඩී එක්ක ඇස් ගගහා මේ පොඩි මහත්තයා මොනවද ප්ලෑන් කරන්නේ ආ.. ඔච්චර ඉක්මනින් මගේ ඩීඩී එක්ක සෙට් උනාද හුරතලේ ආ...

ශාන් බෝ දිහාම බලන් අහද්දි බෝ පොලවත් සපත්තුවෙන් හාර හාර හිනා වෙනවා..

💚 අයියත් මට ඔහොම කියනවා...

❤️ කොහොමද එයා කියන්නේ..

💚 හුරතලේ කියලා...

❤️ අහ්.. අයියා ගාව හුරතල් වෙනවද ම්...

ශාන් දැන් බෝව කතාවට අල්ලන් ඉන්නෙ.. ඉක්මනින් මෙතනින් නොයා ටිකක් වෙලා කතා කර කර ඉන්න ශාන්ට ආස හිතුනා...

💚 නැතුව ඉතින්... මාව ලුණුත් ගෙනියනවා එයා.. ඔහොම නපුරා වගේ හිටියට එයා ගොඩාරියක් හොදයි.. මාව බබෙක් වගේ බලාගන්නවා එයා...

❤️ ඉතින් ඔයා තාම බබෙක් තමයි...

💚 අනේ යන්න අප්පා බොරු නොකියා.. මන් ලොකු කොල්ලෙක්..

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Tempat cerita menjadi hidup. Temukan sekarang