🥀 6th Episode 🥀

1.1K 247 120
                                    

At Academy

ශිංහුවා ඇකඩමි.. ආටිස්ට්ලා විශාල ප්‍රමාණයක් බිහිකරපු ඇකඩමි එකක්.. යීබෝ තියෙන හොදම ඇකඩමිය තමයි තමන්ගේ මල්ලිට මේ හොයලා දීලා තියෙන්නේ.. ම්... දැන් මල්ලී විතරක් නෙවෙයිනේ මල්ලිගේ යාලුවත් ඉන්නවනේ..

ආරක්ෂාව විනය ඉගැන්වීම කියන හැම අතකින්ම ශිංහුවා ඉස්සරහින් ඉන්න නිසා තමයි යීබෝගේ තේරීම මේ ඇකඩමිය උනේ..

කාර් එකෙන් බහින්නත් කලින්ම බෝ හා චාන්ගේ කන් දෙක අගුලු වැටෙන්න තරම් නීතී මාලාවක් ජෝඩුවට ලැබුනා...

1. කිසිම වෙලාවක දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් තනි වෙන්න බෑ... වොශ් රූම් යන්න ඕන්නම් දෙන්නම අනිවාර්යයෙන්ම එකට යන්න ඕනා...

2. මෙහේ කෑම කන්න බෑ...ගෙදරින් ගේන ඒවා තමයි කන්නෙ..

චාන් කඩචෝරු වලට පෙරේතයි කියලා චාන්ගේ කටින්ම පැන්නාම යීබෝ කිව්වේ හැමදාම හවසට අරන් දෙන්නම්... ඒ නිසා මගින් අරන් හොරෙන් කන්න තහනම් කියලා... ඒ නිසාම චාන් එක හෙලා යීබෝගෙ කතාව මනාප උනා...

3. වැරදි කරන්න බෑ...දග වැඩ බෑ... ඕන දෙයක් ගෙදර ගිහින්...

ඔන්න ඕකට නම් බෝ ඇබරෙන්න ගද්දී චාන් ඇහැක් ගහලා හා කිව්වේ අතින් බෝගේ අතකුත් මිරිකන ගමන්...

🦁 යන්... නෝටී වැඩ කරලා අහු උනොත් දෙන්නම ගෙදර තමයි.. තේරුනාද...

💚 හෑපූ යකා වෙලානේ අප්පා..

🐰 ඒක තමයි..

🦁 යකා නොවී පුලුවන්ද.. මන් දන්නවා දෙන්නගෙම හැටි... දෙන්නම එක වල්ලෙ පොල් වගේ... යන් දැන් දෙන්නා අත් අල්ලන් යන එකයි ඇත්තේ මට ඉස්සර වෙලා..

චූටී කාලේ ට්‍රිප් යද්දි දෙන්නා දෙන්නා අත් අල්ලන් යනවා වගේ බෝ චාන්ගේ අතකින් අල්ලන් යනවා... යීබෝ දෙන්නගෙ පිටිපස්සෙන් යනවා...ඒක හරි නෑ වගෙ.. චාන් පිටිපස්ස බලලා යීබෝට ඇස් වලින්ම කතා කරද්දී යීබෝ ගිහින් හිටගත්තේ චාන් ගාවින්... දැන් චාන්  එක වගේ කොල්ලො දෙන්නට මැදි වෙලා...

🦁 දග වැඩ බෑ රැබී හොදේ...

🐰 හලී ඉතින්...හූම්ම්...

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now