🥀 7th Episode 🥀

1.1K 242 74
                                    

යීබෝගෙ මැසේජ් එක එනවිට ශාන් උන්නේ අත්‍යාවශ්‍ය මීටින් එකක... පැය තුනක මීටින් එකකින් අනතුරුව කැබින් එකට ආව ශාන් අලුත් නම්බර් එකකින් ආව මැසේජ් එක කියවද්දී ඇගේ හිරිගඩු පිපෙන්න ගත්තා... ඉක්මනින් කාර් එකේ යතුරත් අරන් සෙකට්‍රිට කියලා තියෙන ඔක්කොම වැඩ කැන්සල් කරපු ශාන් කාර් එක අරන් ගියේ වන්ග් නිවසට...

❤️ බෝ බෝ.. ඔයා කිව්වා එයාව මන් වගේ බලාගන්නවා කියලා... එහෙනම් කොහොමද බෝ මෙහෙම උනේ... හුරතලේ මට ඔයා එක්ක එන්නේ කේන්තියක්.. මගෙ පොඩි එකාව බලාගන්න බැරි උනාද යකෝ...

වෙච්ච කිසි දෙයක් නොදන්නා ශාන් වේගයෙන් කාර් එක ගෙනත් නැවැත්තුවේ වන්ග් නිවස ඉදිරිපිට... ඒ එද්දිත් යීබෝ මීරාගෙ උකුලෙ ඔලුව තියන් ඉන්නවා...

පැය දෙකකට පෙර...

යීබෝගේ කෑ ගැසුම් මැද හඩන සද්දෙට චාන් ඉක්මනින් සාලෙට එද්දි චාන් කවදාවත්ම නොසිතු ලෙස යීබෝ අඩනවා දැක්ක චාන්ට හිතුනේ මෙහෙන් පැනලා දුවන්න...

🐰 යීබො...

🦁 චාන්...😭😭

🐰 මට ගෙදර යන්න ඕනා...ඩයිවර් අංකල්ට කියන්න ප්ලීස් මාව ගිහින් දාන්න කියලා...

⚪ ඇයි පුතු මේ... යන්න හදන්නේ...

මීරා චාන්ව ලගින්ම වාඩි කරන් ඒ හිස අතගාමින් ඇහුවෙ ඇත්තටම එයාට චාන් කියන්නෙත් එයාගෙම පුතෙක් වගේ නිසා..  මේ අවුරුදු 24ටම යීබෝ බෝට තුවාල වෙන්න දීලම නෑ...බෝ රණ්ඩු වලට ගියත් කවදාවත් ගුටි නොකෑවේ යීබෝ නිසා.. ඒත් අද ගුටි කාලා.. ඉතින් යීබෝට දුකයි තරහයි ඔක්කොම....ඒ දේවල් එහෙම වෙද්දි  චානුත් ගුටි කාපු නිසා යීබෝට තවත් දුකයි...

🐰 ආන්ටි.. අනේ සමාවෙන්න මන් නිසානේ ඔක්කොම... අනේ මට ඇකඩමියට නොයා ඉන්න තිබ්බා.. එහෙනම් බෝටත් කිසි කරදරයක් නැතුව යන්න තිබ්බනේ ආන්ටී...

චාන් හුස්ම නාලා අඩන ගමන් කියවන් යද්දි කොහේදෝ ඉදන් ආව බෝ චාන්ව තදින් වැලදගත්තා..

💚 අනේ ඔහොම කියන්න එපා චාන්.. ඔයා නිසා කියලා ඔක්කොම වැරදි ඔයා පිට දාගන්න එපා..  අයියා කියවකෝ මෙයාට...

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now