𝘾𝙃𝘼𝙋𝙏𝙀𝙍 02

333 70 4
                                    


හැමදාම වගේ අදත් උදෙන්ම නැගිටලා නම්ජූන්, හෝසොක් මේ යන්නේ එයාලගේ restaurant එකට. කට්ටිය වෙනදා වගේම තම තමන්ගේ රාඅකාරිය අකුරටම පිළිවෙලකට විස්වාසවන්තව කළා. සාමාන්‍යයෙන් දවල් කෑම වේලට මිනිස්සු වැඩිය මේ restaurant එකට එන්නෙ නෑ. මෙකට විතරක් නෙවේ අනික් හැම රෙස්ටුරන්ට් එකකවත් එහෙමයි.

වෙනදට වැඩිය අද දවල් වරුවෙදී මේ පුංචි restaurant එකට මිනිස්සු ටිකක් වැඩි. මේ එන හැම කෙනාටම කිසි පැකිලිමක් නැතුව කෑම සනා,නම්ජූම්, හෝසෝක් පිළිගන්නවා වගේම එළියේ පොලිමේ තමන්ගේ වාරය එනකන් කිසිම කලබලයක් නැතුව ඉන්නේ ඔවුන් දන්නවා අනිවාර්‍යෙන් ම කෑම හමුවන බව.

එකපාරටම මේ සැවෝගෙම අවදානය යන්නේ restaurant එක ඇතුළට ආව ටිකක් වැදගත් පෙනුමක් තියෙන, කඩවසම් ඒ තරුණයා දිහා. ඔහු කිසිම සෙවිමක් නැතුව restaurant එක ඇතුළට ඇවිත් වාඩිඋනා. මෙක දැක්ක යුන්ගීට තරහා ගියා මොකද එයා කැමති නෑ අසාධාරණ වැඩ වලට.

Restaurant එකේ මුළුතැන්ගෙයි කෑම හද හද හිටිය යුන්ගී ඉක්මනට අර පුද්ගලයා ලගට ආවා. ඒත් ඒ පුද්ගලයාට එක ගැන කිසිම ගානක් නෑ.යුන්ගී එතනට ආපු ගමන්ම ඒ පුද්ගලයා කතා කරලා යුන්ගිට ඕඩර් එකක් දුන්නා.

" ඒ මේ තමුසේ, මේකේ තියෙන හොදම කෑම තුනක් මට ගෙනත් දෙනවා."

වැඩකරනකෙනෙක් කියලා හිතලා ඒ මනුස්සයා කෑගැහුවේ යුන්ගිට.ඒත් යුන්ගී අඩියක් වත් හෙලවුනෙ නෑ. හිටපු තැනටම වෙලා අර පුද්ගලයගේ මුන දිහා බලාන හිටියා. තමන්ගේ මුන දිහා කන්න වගේ බලන් ඉන්න යුන්ගී දිහා ඒ මනුස්සයා රවල බැලුවා.

" මේ හලෝ තමුසෙට මන් කිව්ව එක ඇහුනෙ නැද්ද, මට මෙකේ තියෙන හොදම කෑම ටික ගෙනවා මට පරක්කු වෙනවා."

ඒත් එක්කම ඒ පුද්ගලයා හිටිපු මෙසේට අත් වලින් ගහගෙන ගිය යුන්ගී අර පුද්ගලයගේ කොලර් එකෙන් අල්ලගත්ත.

" මේ අහන්න මහත්තයා, ඔයාට මෙකේ තියෙන හොදම කෑම කන්න ඔනි නම් අර ඔයාට පෙනවා නෙද දොර ලග ඉදන් එලියට තියෙන එක, ආන්න එකේ ඉදන් එන්න"

එහෙම කියලා යුන්ගී අත් දෙක ගසපු පාරට අර පුද්ගලයව ආයේම පුටුවේ වාඩිකරවුනා.අත් දෙක් ගසලා යන්න හැරුන යුන්ගී නැවතුනේ අර පුද්ගලයාගේ කටහඩට.

" හහ් තමුසේ, තමුසේ කොහොමද මට ඔහොම කතා කරන්නේ දන්නවද මන් කවුද කියලා.ආ මන් තමයි කිම් ස්සෝඕ...."

අනිත් ටික ඒ පුද්ගලයට කියාගන්න බැරි උනෙ ඔහුගේ කම්මුල හරහා ගිය ඒ අත නිසා. ඔව් යුන්ගී එ පුද්ගලයාට ගැහුවා. තමන්ගේ ඒ රතු උනු කම්මුලත් අල්ලගෙන යුන්ගි දිහා මරන්න තරම් කෙන්තියකින් බලන් ඉන්න ඒ පුද්ගලයගේ කොලර් එකෙන් ඇදලා තමන් ලගට ගත්ත යුන්ගී ඔහුව මෙසෙට තියලා හෙත්තු කරා.

" මට ඔහේ කවුරු උනත් වැඩක් නෑ. ඒත් මෙක මගේ තැන. මෙතන වෙන්න ඔනී මට ඔනි දෙවල්.ඒක නිසා ඔය ලස්සනට තියෙන මුන මට කියලා කැත කරගන්නෙ නැතුම් යනව."

සනා, හෝසොක්,නම්ජූන් යුන්ගී දිහා බලාන ඉන්නේ එයාලට යුන්ගිව නතර කරන්න කොහොමත් ම බැරි නිසා. මොකද යුන්ගී සල්ලි බලේට යටත් වෙලා ජිවත් වෙන්න කැමති නෑ වගේම දුප්පත් මිනිස්සුන්ව පහත් කරනවට කොහොමත් ම කැමති නෑ.

මේ අතරේ තමන්ට උනු ලැජ්ජාව නිසාම ගොඩක් කෙන්තියෙන් හිටපු ඒ පුද්ගලයා තමන්ගේ කම්මුලත් අල්ලගෙන ම කතා කරේ යුන්හී දිහාට ඇගිල්ලකුත් දික් කරගෙන.

" අහ් තමුසේ මට ගැහුවා නේ. බලාගමු මන් ඔහේලට මෙ තුට්ටු දෙකේ ලකඩම කරන් යන්න දෙන්නෙ නෑ. මන් මෙක ඉස්සරහාම දනවා හොද special restaurant එකක්. බලන්වා තමුසෙ මේ කිම් සෝක්ජින් කියන්නෙ කවුද කියලා."

කිම් සෝක්ජින්, ජින් කියන්නේ මේ ගමේ ඉන්න සල්ලි තියෙන ආඩම්බරකාරයෙක්. එහෙම කියලා ජින් වැටි වැටි එලියට ගියේ යුන්ගිගේ අත් පාර කොච්චර ශක්තිමත් ද කියන්න වගේ.

_________________________________________

අහම් අහම්,

ඊලග එකෙන් ඔන්න අනික් කෙනා එයි.
Vote comment කරන අයට කුමාවෝ🤗❤️

𝐂𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐒𝐭𝐫𝐨𝐦 (𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧) 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 Where stories live. Discover now