🥀 12 th Episode 🥀

1.1K 231 70
                                    

තුරුලේ හොවාලා..
සුරතල් මුහුණ දෙසම බලලා..
මට ඉන්නට ආසයී..
ඇසි පිය නොහෙලා...

ඔබ මගේ යැයි කියාලා..
ලෝකෙටම කෑ ගසා කියාලා..
කියන්නට සිතෙන්නේ..
සතුටින්ම හිනැහිලා...

නින්දෙන්ම ඇබරිලා..
එන්නේ මා දෙසටම පෙරලිලා..
මදක් ඔබ එසවිලා..
හැංගුනා මගේ ගෙලේ හිනැහිලා..

ඉර දැන් අනේ නැගිටලා..
මගේ සද තවම දොයියලා..
අවදි කරන්නට මා සිබලා..
හැරෙන්නටත් පෙර ඔබ නැගිටලා..

ආදරණීය සිංහුගෙන් එයාගෙම රැබීට...🦁🐰

.

.

🐰 ගුම්මෝනින් සිංහූ...

ඇස් ඇරපු ගමන්ම තමන් දිහා බලන් තමන්ගේ කම්මුලකට චූටී චූටී තට්ටු දාමින් ඉන්න යීබෝගේ බෙල්ල අස්සට චාන් රිංගන්න යද්දි යීබෝ චාන්ව ඇදලා අරන් ඒ ඇග උඩට ආවා...

🐰 සිංහූ...අනේහ්...

🦁 මුකුත් කරන්නෑ...අනේ රැබී මට ඔයා දිහා බලන් ඉන්න දෙන්න බබා.. ආයේ හෙට දකිනකල් නෑනේ මට...

🐰 ඉතින් එක දවසනේ...

🦁 ඒකත් දැන් කල්පයක් වගේනේ...

🐰අනේහ්.. ලැජ්ජත් හිතෙනවා...

චාන් අත් දෙකෙන්ම මුහුණ වහ ගද්දී යීබෝ එසවිලා බැලුවේ ශාන් හා බෝ දිහා.. එයාලා තාම නිදී.. පුදුමෙ කියන්නේ බෝ ඉන්නේ ශාන්ගේ ඇග උඩ නෙවෙයි පපුව අස්සේ..

🦁 අපි පහළට යන්ද.. කුක්කු බොමු...

🐰 හා...

මෙට්ටේ එහෙම්මම තියලා යීබෝ නැගිට්ටේ චාන්වත් උස්සගෙන.. චාන්ට නම් කම්මැලියි ඇවිදින්නත්... කොල්ලා යීබෝගේ බෙල්ලේ එල්ලිලා හිටියා... පඩී දිගේ පහළට එනකොට චාන් දැක්කේ මීරා ඉන්නවා.. ඉක්මනින් යීබෝගේ ඇගෙන් පැන්න චාන් යීබෝව අදුරන්නෑ වගේ ගිහින් මීරගේ ඇගේ එල්ලුනා..

⚪ අනේ ඉතින්.. හා පැටියා.. නැගිට්ටද.. කෝ ගගා..

🐰 තාම එයයි බෝයී දොයී...

⚪ යන්.. කිරි හදලා දෙන්න. ලොකූ බොනවද...

🦁 හ්ම්ම්..

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now