🥀 13th Episode 🥀

1.1K 216 48
                                    

චාන් එලියට දුවලා යද්දී ශාන් ගියා බෝ ව හොයාගෙන... කාමරේ පුරා බැලුවත් බෝ හිටියේ නැති කොට... බැල්කනිය පැත්තෙන් හූල්ලන සද්දයක් ඇහෙද්දී ශාන් ඉක්මනින් ගියේ බෝ ගාවට..  බෝ ඉන්නවා අත් වැටට බර වෙලා...

❤️ මගේ හුරතලේ.. අනේ මැණික ඇයි බබා මේ...

💚 හා පපා යන්න එපා...😭😭😭😭

*

*

ශාන්ට හුස්මක් කටක් ගන්න බැරි වෙන්නම බෝ ශාන්ව තුරුල් කරගත්තා... ශාන් උන්නේ සීරුවෙන් වගේ.. බෝ පැටියා තදින් බදන් ශාන්ව...

💚 මාවත් ඉහික්....තූල් කරගන්නකෝ අනේ....

❤️ ඉතින් මාව ලෙහන්නකෝ අප්පා...තුරුල් කරගන්න තියා මට හුස්ම ගන්නත් බෑනේ.. මෝඩ කොල්ලෝ...

💚 ඇහ්.. හා හා...

මෝඩ හිනාවකුත් දාලා බෝ ඈත් වෙච්ච ගමන් ශාන් බෝවත් ඇදන් ගිහින් කාමරේ දොරත් ලොක් කරලා සෝෆා එකෙන් වාඩි වෙද්දි බෝ ශාන්ගේ ඇගට පැන්නේ හරහට...

❤️ අහ්...ශෝයී.. මගේ ගෑනූ ලමයා වගේ...

💚 ඈහ්.. ඔයා ගෑනු ලමයි හොයාගන්න එපා හොදේ.. මට දුක හිතිලා ඉන්නෙත් දැන්...මාව දාලා යනවා මදිවට කෙල්ලෙක් ගැනත් කියවනවා.. තරායී පපා මන්...හූම්ම්ම්... මෝඩයා.....

❤️ අම්මෝ අම්මෝ... මගෙ කොච්චි කරල... අහන්නකෝ මගෙ පැටියෝ ඉතින්...

💚 මුකුත් අහන්නෑ මන්..  ඔයා මාව එක්ක යන්න යන තූත්තුකුඩියක.. තව ටිකෙන් අයියත් ඔෆිස් ගියාම මන් තනිවෙනවනේ හා පපා... ඒකනෙ මාවත් එක්ක යන්න කියන්නේ... මට දුකයිනේ පපා.. අනේ මාවත් එක්ක යන්නකෝ...ප්ලීස්... මන් පොරොන්දු වෙනවා සුට්ටක් වත් ඔයාට වද දෙන්නෑ.. මන් ඔයා ගාවට වෙලා කට වහන් ඉන්නම්... ආ...චාන් ඉන්නවනේ එයා එක්ක සද්ද නොකර ඉන්නම්කො....ප්‍රොමිස් හා පපා... මන් වද දෙන්නෑ...

බෝ කදුළු ත් පිහදදා නහයත් උඩට ඇද ඇද කියන් යන විදිය ශාන් බලන් උන්නේ හරිම ආසාවෙන්...අඩලා අඩලා නහය ජම්බු ගෙඩියක් වගේ දැන්.. කම්මුල් දෙකත් රෝස පාට වෙලා... අන්තිමට කටත් බෙරි කරන් බිම බලාගත්තා කොල්ලා...ශාන් කොල්ලව උන්න විදියටම පපුවට හේත්තු කරගත්තා...

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now