🥀 17th Episode 🥀

944 220 63
                                    

බෝ අද උදේම චාන්ගේ නිවසට ආවේ ඩයිවර් එක්ක.. අද යීබෝ උදේම ඔෆිස් මීටින් එකකට ගියේ දවල් වෙද්දි ගෙදර එන්න කියලා මීරා කිව්ව නිසා.. ඉතින් ශාන් තමයි අද පොඩ්ඩෝ දෙන්නව ඇකඩමියට එක්ක යන්නේ...

බෝ 7 වෙද්දි ඇවිත් සාලෙන් වාඩි වෙලා උන්නේ චාන් අවදි වෙලා නෑ කියලා ජානූ කිව්ව නිසා... චාන්ව අවදි කරන් ශාන් එනකල් බෝ ඔහේ වාඩි වෙලා ඉද්දී ජානු ඇවිත් බෝ ව ඇදන් ගියේ කෑම මේසෙට...

💚 අනී මන් කාලානේ ආන්ටි ආවේ...

♣️ ආ... ආ... අද කම්පෙටිශන් එක නේද... දවල්ට කීයට කන්න හම්බෙයිද දන්නෑනේ... කමු කමු දැන් අර දෙන්නත් එයිනේ... එන්න පුතූ....

ජානූ බෝගේ අතකින් අල්ලලා පුටුවෙන් වාඩි කරවලා බලෙන්ම කෑමත් බෙදලා දීලා බලන් උන්නේ බෝ කනකල්...

♣️ කන්නකෝ ඉතින්...

💚 හා...

සැරින් සැරේ උඩ තට්ටුව දිහා බලමින් බෝ කෑම කන දිහා බලන් ජානූ උන්නේ හිනාවෙවී. මේ ඉතින් කොල්ලා චාන් එනකල් නෙවෙයි බලන් ඉන්නේ කියලා ජානූ දන්නවා...

♣️ ඉතින් පුතේ... අපේ චාන් හොදයිද...

💚 ම්ම්...පස්ට...

කටේ කෑමත් පුරවගෙම මහපට ඇගිල්ලත් උස්සලා බෝ කියද්දි ජානූ කොල්ලගේ ඔලුව අතගැවා... ජානූගේ ඊලග ප්‍රශ්නේ උනේ...

♣️ එතකොට ඔයාගෙ හා පපා කොහොමද...

💚 ම්...එයා හරී.........ම හොදයි... ටිකක් සැරයි... ගොඩක් හොදයි... නපුරු හාවෙක් වගේ.. ම්... එයා ගොඩාක් හැන්ඩ්සම්.. එක පාරක් බැලුවොත් සිය පාරක් ආයේ බලන්න හිතෙනවා.. එයා ලග හරිම ශෝක්... මන් ආසයි එයා ලග ඉන්න....

ජානූ බලන් උන්නේ බෝ චාන් හා ශාන් ගැන දුන්න වර්ණනාවේ වෙනස ගැන.. චාන් පට්ට වෙද්දි ශාන් නම් සෑහෙන්න හොද වෙලා අරක වෙලා මේක වෙලා... ජානූ කට කොනින් සිනාසෙද්දී....

🐰 බෝ... පූසෝ.....

චාන් උඩ ඉදලම කෑ ගහගෙන ඇවිත් වාඩි වෙලා උන්න බෝගේ කන් දෙකෙන්ම ඇදලා හිනා වෙලා පුටුවකින් වාඩි උනා... මේ අතරේ පඩිපෙල බැහැගෙන ශාන් එනවා දැක්ක බෝට මෙලෝ සිහියක් නැති වෙද්දි බෝ දුවලා ගිහින් තුරුල් උනේ ශාන්ගේ පපුවට වෙද්දි ජානූ මුකුත් දැක්කේ නෑ වගේ චාන්ට කවන්න ගද්දි ශාන් රතු වෙන්න ගත්තේ ජානුගේ කින්ඩි හිනාව මතක් වෙලා...

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Onde as histórias ganham vida. Descobre agora