💚...1...❤️

425 62 28
                                    


මිනිස්සු...ඇස් වලින් දකින දේ කෙතරම් සත්‍යක් වුනත් හදවතට දැනෙන දේ විශ්වාස කරන්න තමයි පුරුදු වෙලා ඉන්නෙ.අන්න ඒ නිසා තමයි මේ ලෝකෙ "ඒක දිග කතාවක්......" කියල තේමා පාඨයක් තියන මිනිස්සු ගොඩක් ඉන්නෙ.අපි අතරෙම ඉන්නවා ඒ වගේ අය ඕන තරම්. අන්න එහෙම කෙනෙක් මුණගැහුනොත් මඟහැරගන්න එපා.ඒ දිග කතාවට සවන් දීල බලන්න.

මේකත් ඒ වගේ දිග කතාවක්.හැබැයි...මම කෙටි කරල ඔයාලට කියන්නම්.

හැමෝටම තියන කවදාවත් උත්තරයක් හොයා ගන්න බැරි වුන ප්‍රශ්නයක් තමයි "ඇයි මටම මෙහෙම වෙන්නෙ...? " උත්තරය කවුද දන්නෙ.මේ ප්‍රශ්නෙටත් උත්තරයක් නැද්ද... බලමු නේද.

මොකද ,

මම දන්නෙත් නෑ... මට මහන්සියි... හොඳටම...

ඇහිලා තියනවද කවුරුහරි කියනවා බැඳීම් වලින් මිදුනු මිනිස්සු ලඟ තියන සැනසීම විස්තර කරන්න වචන නෑ කියලා...ජීවිතේට එක පාරක් හරි ඒ වචන ටික ඔයාට ඇහිලා තියෙන්නම ඕන. ඒත්...කෙනෙක් බැඳීම් වලින් මිදිලා ජීවත් වෙන්නෙ ඇයි කියල හිතන්න. අනිවාර්යයෙන්ම එතනත් ප්‍රශ්නයක් තිබිලා තියනවා.

බැඳීම් නැති ජීවිතයක් නිදහස් කියල කිව්වට...එකම එක තැනක ඒ අය අන්ත අසරණ වෙනවා.ඒ  "ත  නි  ක  ම" කියන දේ මොහොතකට හරි දැනුනොත්...

තව දෙයක්...

මේ ලෝකෙ හැම ප්‍රශ්නෙකටම උත්තරයක් තියනවා කිව්වට උත්තර නැති ප්‍රශ්න නැද්ද... උත්තර හොයා ගන්න බැරිව කී දෙනෙක් නම් ජීවිත කාලෙ අවසන් කරනවා ඇතිද...ඔව් සමහර විට අවසන් උත්තරය විදියට ලැබෙන්නෙ මොකක්ද කියලා දන්න නිසා එයාලා ඒ ගැන හොයන්නෙ නැතුව ඉන්න තීරණය කලා වෙන්නත් පුලුවන්.ඒත් උත්සාහ කරලා බලන්න පුලුවන් නේද පේන බලනවට වඩා...

විකාරයක් වගේද මම කියන දේවල්...ගණන් ගන්න එපා ඉස්සරහට කියන්නෙත් විකාරයක් වගේ හිතෙන මගේ කතාව තමයි.

මේ කතාව බැඳීම් වලින් මිදිල සැනසීම හොයාගෙන ගිය කතාවක් නෙමෙයි. හැමදේම එපා වෙලා ජීවිතෙන් පැනලා යන්න තීරණය කරපු කතාවක් නෙමෙයි. රෝස පෙති පාවඩ දාපු ආදර කතාවකුත් නෙමෙයි. කලින් මම කිව්ව වගේම ටිකක් වෙනස් විකාර කතාවක් වගේ පෙනෙයි.

From The Beginning  ✎by,Saaki...✔️Where stories live. Discover now