𝘾𝙃𝘼𝙋𝙏𝙀𝙍 04

213 49 2
                                    


බුසාන්වල තියෙන එළවළු කඩ, පලතුරු කඩ, පරන බඩු වගේ තියෙන නොයෙකුත් කඩවල් අතරින් වැදගත් වගේම වැඩි ආදායමක් ලබනේ බුසාන් fish market එක. බුසානවල ඉන්න මිනිස්සු සාම්ප්‍රදායික හැඩගැස්විම් වලට හුරුවෙලා ඉන්න නිසා එයාලගේ කෑම අතරින් ප්‍රධාන තැනක් හිමිවෙන්නේ මෙ මාළු වලින් හදන කෑම වලට. මොකද මාළුවා කියන සතාගෙන් එයාලට එක එක විදිහේ කෑම වර්ග හදාගන්න පුලුවන් වගෙම එළවළු නැති කාලවලදී මෙයාලගෙ කුස පුරවන්නේ මේ මාළුවන්ගෙන් හදන කෑම නිසා.

උදේම ජිමින් බුසාන්වල ඇවිදින්න කියලා හිතාන බුසාන් ටවුන් එකට ආවා.ඒ එන අතරේ ජිමින්ගේ හිත ගත්ත ලස්සන තැන ගොඩක් තිබුන. ඒ අතරින් ඒක තැනක් තමා බුසාන් fish market එක. ඒක පිටතින් හරිම ලස්සනට හදලා තිබුනා.ඒ වගේම ඒ අවට වටපිටාව.ජිමින් මේ මාකට් එකේ ඉස්සරහට ඇවිදගෙන යනකොට එතැන හිටපු මාළු විකුණන කෙනෙක් ලග නැවතුනා.

"මේ අහන්න, ඔයා ලග ලොකු මාළු ඉන්නවද"

ඒ මාළු විකුණන කෙනාගෙන් ජිමින් එහෙම් ඇහුවේ ඔහු ලග ඉන්න මාළු වලට දැඩි අවදානය දෙනගමන්.

"ඒවනම් මගේ ළග නෑ මහත්තයෝ,මේ මාළුවා බලන්න."

එහෙම කියපු ඒ මනුස්සයා ජිමින්ට දුන්නේ සමාන්‍යයෙන් ලොකු එකෙක්ව.ඒ මාළුවාව හොදින් බලපු ජිමින් ඒ ඉන්නේ මිරිදිය වතුරේ ඉන්න එකෙක් අනික මුගේ මඩ පිරිලා එක නිසා මෙක හැදුවොත් මඩ රහක් එයි, එක නිසා එ මනුස්සයාගෙන් වෙන එකෙක්ව ඉල්ලුවා.

ඒ අතරේ එතැනට එන්නේ යුන්ගී. යුන්ගී ආපු ගමන් ඒ මනුස්සයාට කතා කරනවා.

" අර මාළුවා හරි නේද "

මාළු විකුනන මනුස්සයාගෙන් එහෙම අහපු යුන්ගීට ඒ මනුස්සයා ඔව් ඔයාට වෙනම ම තියලා තියෙන්නේ කියලා පෙට්ටියක් ඇරලා ලොකු මාළුවෙක්ව යුන්ගිට දෙනවා. මේ වෙලාවේ අර කලින් දුන්න මාළුවා දිහා බලාන කල්පනා කර කර හිටපු ජිමින් මෙක දකිනවා.

" මේ අහන්න, ඔයා මට කිව්වනේ ඔයා ළග ලොකු මාළු නෑ කියලා.එතකොට මේක කොහොමද"

එහෙම අහපු ජිමින්ට ඒ මාළු විකුණන කෙනා යුන්ගිව පෙන්නලා, මෙ ඉන්නේ මගේන් හැමදාම මාළු ගන්න කෙනෙක් අනික මේ වගේ ලොකු මාළුවෙක්ව හදන්න පුළුවන් මෙයාට විතරයි කියලා යුන්ගිව පෙන්නනවා. එතකොට කටකොනකට හිනාවක් ගත්ත ජිමින් ඒ මනුස්සයා දිහා බලනවා.

𝐂𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐒𝐭𝐫𝐨𝐦 (𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧) 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 Where stories live. Discover now