Password

557 177 83
                                    

ජීවිතයට එකතු කරගන්නා අලුත් password එකකින් ඔයාගෙ ජීවිතය නොහිතන විදියට  වෙනස් වෙන්න පුලුවන්.

Password එකකින් ජීවිතය වෙනස් වුනු අයුරු

- සත්‍ය කතාවක්

"ඔබගේ මුරපදය කල් ඉකුත්වී ඇත",

උදෑසනම මගේ කාර්යාල පරිගනක තිරය මත එසේ පණිවිඩයක් දිස්විය...

මගේ සමාගම තුළ අපි සෑම මාසයකම විශේශ ආර්ක්ශක හේතුන් මත මෙලෙස මුරපද වෙනස් කළ යුතුයි.

නමුත් මේවෙද්දි මෑතකදී වසර ගනනාවක් මුලුල්ලේ පැවති මගෙ  ප්‍රේම සබදතාව බිදවැටීම හේතුවෙන් මම දැඩි මානසික පීඩනයකට ලක්වෙමින් සිටියා.
ඔහු මට කළ දේ පිළිබඳව සිතමින් මම දිනයක් දිනයක් පාසා ශෝකයෙන් ජීවත්  වුනා...

නමුත් එක දවසක මට මගෙ ජ්‍යෙෂ්ඨයෙකුගෙන් හරි ලස්සන කතාවක් අහන්න ලැබුනා...

"මම මගේ ජීවිතය වෙනස් කරන්න password එකක් භාවිතා කරනවා"


මගේ  වර්තමාන මනසත් එක්ක අලුත් password එකක් කෙරෙහි අවධානය යොමු කරන්න මට තරමක් අපහසුවිය.

නමුත් හදිසියෙම මහ අමුතු අදහසක් මගෙ මනසට ආවා...

මගේ මුරපදය මට මතක් කර දුන්නේ මගේ මෑත බිඳවැටීමේ ගොදුරක් වීමට මම ඉඩ නොදිය යුතු බවත් ඒ පිළිබඳව යමක් කිරීමට මා ශක්තිමත් විය යුතු බවත්ය .

මම මගේ මුරපදය මෙසේ සැකසුවා..

"ඔහුට සමාව දෙන්න"

දැන් මම මගේ පරිගණකය on කරාම සෑම අවස්ථාවකම මට මෙම මුරපදය දිනකට කිහිප වතාවක් ටයිප් කිරීමට සිදු වෙනවා.

"ඔහුට සමාව දෙන්න"

මෙය ඉතා සරල ක්‍රියාවක් වුනත් මේ අනිවාර්ය ක්‍රියාව නිසා මම මගේ හිටපු පෙම්වතා දෙස බැලූ ආකාරය කෙමෙන් කෙමෙන් වෙනස් වෙන්න පටන් ගත්තා...
මගේ මානසික අවපීඩනය සමඟ කටයුතු කිරීමටත් මට හැකි වුනා.

ඊළඟ මාසයේ නැවත මගේ මුරපදය වෙනස් කරන වාරය පැමිනියා ,නමුත් මෙවර මට නිදහස් බවක් දැනුනා.

අලුත් මුරපදය-

"ජීවිතය දිහා බලන විදිහ වෙනස් කරගමු"

මගෙ අලුත් මුරපදය මගේ ඉලක්කය අනුගමනය කිරීමට මාව පෙලඹවූ අතර මානසික ආතතියෙන් පෙලුනු මට ඒ රාමුවෙන් එලියට එන්න උදවු කලා.මට අලුත් යාලුවෝ මුනගැහුනා.

මාසයකට පසු, මගේ අලුත් මුරපදය

"මට xxxx යන්න අවශ්‍යයි.

මාස තුනකින් මම ඒ සදහා අවශ්‍ය විභහගය සාර්තක ලෙස සමත්වුනා.

නැවත නැවත ආයේ අයේ මට අවශ්‍ය දේ මෙසේ මතක් කිරීම මගේ අරමුණු ඉටු කර ගැනීමට මාව පෙලබුවා හා එයින් මං විශාල උද්දීපනයක් ලැබුවා...

සමහරක් විට ඔබට ඔබේ ඊළඟ ඉලක්කය කරා යාම දුෂ්කර විය හැක....

නමුත් ඔබේ ජීවිතයටත් password එකක් තබාගැනීම ඔබේ ජීවිතය වෙනස් කරන්නක් මෙන්ම තවතවත් ලේසිකරන්නක් වන බව නොඅනුමානය.

මගේ අලුත්ම password එක

"ජීවිතය ලස්සනයි"
ජීවිතය නැවත වෙනස් වේවි ...



ඉදිරියටම යන්න.....





♥️♥️♥️ කියවා දැනගත් සහ මමත් උත්සහ කරපු   සාර්ථක අදහසක් ඇසුරෙන් ගොඩනගන ලද්දකි.. ඔයත් උත්සහ කරලා බලන්න ♥️

මුරපදයWhere stories live. Discover now