අපි

1.6K 193 43
                                    

අපි අතරෙ තිබුන තරමක් තිබුනෙ නොගැලපීම්.. සුන්දර ලෝබ හිතෙන නොගැලපීම් අස්සෙ හිර වෙච්ච හිත රිදෙන පපුව හූරන නොගැලපීම්...

එයාගෙ තොල් රෝස පාටයි. කෙල්ලෙක්ගෙ වගේ සිනිදු ලා රෝස පාටයි. මගෙ තොල් දුඹුරුයි. ඔව් ඒවා ලා දුඹුරු පාටයි. නොගැලපීමක්..

එයාගෙ ජීවිතේම ගෙවෙන්නෙ පොත් එක්ක. කොටින්ම කිව්වොත් කොල්ලට පොත් නැතුව හුස්ම වැටෙන්නෙත් නැති තරම්. මට පොත් කියන්නෙ ජලභීතිකාව හැදිච්ච බල්ලෙක්ට වතුර වගේ ඇලජික් දෙයක්.. එයාට අනුවනම් ඒක මහ පාපකාරී නොගැලපීමක්.

එයා මගෙ ඇඳුමකට බැස්සුවම අතපයවත් නොපෙනෙන ගානට චුට්ටන් වෙච්ච හුරතලයෙක්. ඉතිං ආයිමත් නොගැලපීමක්..

එයා ආස පැණිරස කන්න. මට ඕනෙ හෑස් හූස් ගගා සැරට කන්න. ආයෙ ආයෙත් නොගැලපීමක්.

එයාට ඉන්නෙ බූල් පිරිච්ච මහ කම්මැලි ආඩම්බර පූස් පැටියෙක්. නම ටුටූ.. හරි පොෂ්.. මට ඉන්නෙ මාව දැක්කමත් පිස්සු හැදීගෙන වගේ දඟලන දුවන පනින අමු මොංගල් බලු තඩියෙක්.. නම පීප්පයා.. නොගැලපීමක්..

මං උසයි.. එයා කොටයි.. තනිකරම බටු ඇටයක්.. මගෙ පපුව තරමටවත් උස නැති නිට්ටෑවෙක්.. ඉතිං ආයෙත් නොගැලපීමක්..

එයා ආස මියුසික්වලට. කනට මී පැණි ගැලුම් ගනන් වක්කරන ජාතියේ කටහඬක් එයාට තිබුනා.. මට පුළුවන් කැපිච්ච පණුවෙක් වගේ නටන්න. ඩාන්සින් මගෙ ජීවිතේ.. ලස්සනට ගැලපෙන නොගැලපීමක්..

එයා ආස ෆුට් බෝල් මං ආස ක්‍රිකට්. මිනී මරාගන්න තරමෙ නොගැලපීමක්..

එයා කරන්නෙ බයෝ.. මං කරන්නෙ මැත්ස්. මල ඉලව් නොගැලපීමක්.

එයාගෙ නම අහස්. මං භූමි.. අනේ එතනත් නොගැලපීමක්..

මෙච්චර නොගලපීම් මහ ගොඩක් අස්සෙන් එළියට පැනපු එකම එක ගැලපීමක් අපි අතරෙ තිබුනා.

ඒ අපි දෙන්නම කොල්ලො වෙච්ච එක.

එච්චරයි.

අපි දෙන්නම කොල්ලො...

ප්‍රේම සජ්ඣායනය ✅Where stories live. Discover now