💜 1 💜

1.1K 176 26
                                    

කොල්ලෙක්නම් ආදරේ කරන්න ඕනෙ කෙල්ලෙක්ට. එහෙමයි හැමෝම කියන්නෙ. ඒකයි සමාජ සම්මතේ..

"අඩේ තිවංකයා කවිඳුවා එක්ක සෙට්ලු.."

දවසක් කැන්ටිමේ තේ එකක් බිබී ඉද්දි සඳරුවා ඇවිත් කියපු දෙයින් මට කකා හිටපු වඩේ එකත් හිර උනා..

"උන්ට පයිත්තියන්ද බං?"

වඩේ කෑල්ල හිර වෙලා රිදෙන්න ගත්තු මගෙ පපුව අතගාන ගමන් අහස් සඳරුවා දිහාට හැරි හැරී කියෙව්වා..

"ඇයි??"

සඳරුටත් කලින් මගෙ බ්‍රේක් නැති දිව එළියට පැන්නා. ඒකෙන් ඒ ඇස් ගැස්සුනා.. සීරුවට මගෙ පපුව දිගට එහෙමෙහෙ දිව්ව ඒ හීනි ඇඟිලි තුඩු නැවතුනා...

"ලව් ඊස් ලව් මචන් ඒකට ගෑණුද පිරිමිද? දඬුද කොටද? ඇටද පතද? නාකිද ළදරුද ඔය මොන මඟුලක්වත් අදාල නෑ.."

"ෆක් භූමි.. උඹත් ඒ සීන් එකේද?"

ඒ රෝස තොල් වෙව්ලුවා. මේ වැඩෙන් අපේ යාලුකමත් නැතිවෙයිද?? මගෙ පපුව දරාගන්නම බැරි වේගෙකින් ගැහෙන්න ගත්තා..

"පිස්සුද බල්ලො මං මේ දවස්වල නුවී අක්කට පොඩි ලයින් පාරක් දානවා.. ආදරේට වයස බලපාන්නෑ.. ඒ වගේ තමයි අනිත් ඒවත්."

රිදෙන පපුව අස්සට කිදාබහින ඇඟිලි තුඩුවල සීතලට මාව ආයෙ ආයෙත් වෙව්ලුම්කද්දි මං ගහන්න පුළුවන් උපරිම තුරුම්පුව හරි සීරුවට ගහල දැම්මා..

"හිහ් ඒක මිසක්.. අනේ උඹයි උඹෙ ප@#$ ලොජිකුයි..."

උඹ දිග හීනි ඇඟිලිතුඩු ආයෙමත් මගෙ පපුවට ලං කලා. ඔහොමම පපුව අස්සට අතදාලා එළියට ඇදලා බලහන් ඒක ගැහෙන්නෙත් අහස් කිය කිය.. මගෙ හිත මොර දිදී කෑගහන්න ගත්තම බැරිම තැන මං බෑග් එකත් උස්සගෙන යන්න නැඟිට්ටා.

"උඹ කාලා ඉවරද?"

"ඔව්.. මගෙ අක්කි බබා එනවා තව ටික්කින් සයන්ස් ලැබ් එකට. එහෙනං සඳරුවා මං කැපුනා.."

ඒ ඇස් මඟෑර මගෑර අමාරුවෙන් වචන ටිකක් වමාරපු මං එක හුස්මට එතනින් දුවලා ගිහින් හිස් වෙච්ච ක්ලාස් රූම් එකක මුල්ලකට වෙලා වරු ගානක් ඇඬුවා..

එදා මං එතනින් යන්න නැගිට්ටෙ ආදරේ පපුවෙ මහ ගැඹුරු අස්සකට කරලා වලදාලා.

ප්‍රේම සජ්ඣායනය ✅Where stories live. Discover now