💜💜DREAM PRINCE 💜💜

348 86 23
                                    

Airport එකේ වීදුරු දොරෙන් අන්තිම  වතාවටත් හැරිලා බලලා අම්මටයි අප්පච්චි ටයි මල්ලි ටයි අත වනපු කෙල්ල  අතේ තිබුන ටිෂු එකෙන් කදුලු පිහදන ගමන් ඇතුලට ඇවිදගෙන ගියා....
අවුරුදු කීපයකට කලින් කෙල්ල මේ දවස වෙනකන් ඇගිලි ගැන්නා... මේක කෙල්ලගේ ජීවිතේ වටිනාම හීනේ කිව්වොත් හරි.... පොඩි කාලේ ඉඳලම කෙල්ල ගෙව්වේ නීති රීති මැද හිරවුණු ජීවිතයක්....උසස් පෙළ පන්තියට එනකන්ම අම්මා හිටියේ කෙල්ලගේ පස්සෙන්මයි.... යාලුවෝ එක්ක එකතු වෙලා පිස්සුවක් නටන්න... පන්ති කලින් ඉවර වුන දවසක හුරතල් රස්තියාදුවක යන්න....කෙල්ලට කවදාවත් ම අවස්ථාවක් ලැබිලා තිබුනේ නෑ....

ඒ නිසාම දැනුම් තේරුම් තියන දා ඉදලා කෙල්ලට ඕන වුනේ ගෙදරින් ඈතට යන්න... ඉගෙන ගන්න....ජොබ් එකක් කරන්න....ඈත රටක තනියම ජීවිතේ පටන් ගන්න.... කෙල්ලට ලස්සන හීනයක් තිබුනා... දැන් කෙල්ලට වයස විසි හතක්... ජීවිතේ පිලිවෙලක් වෙන්න ඕන කාලේ....අම්මටයි අප්පච්චි ටයි ඕන වුන දේ ඒක...ඒත් කෙල්ලට ඕනා වුනේ දුරට ඉගෙන ගන්න...හැමදේටමත් වඩා අම්මා අප්පච්චි ගේ කීමට අත් හැරුන තමන්ගේ පලවෙනි ආදරෙන් හිස් වුන හිත හදාගන්න....

ඒ ආදරේ කෙල්ලට විශේෂයි.... ගෙදරින් එල්ලවුණු දහසක් වැට කඩොලු බාධා මැද ලස්සන ට ගලාගෙන ගිය කෙල්ලගේ පලවෙනි ආදරේ.... ඒත්  නොගැලපීම් නිසාම කාලයත් එක්ක ගෙදරින් එල්ලවුණු විරෝධය එක්ක කෙල්ල කථාබහ කරලා තමන්ගේ පලවෙනි ආදරේට ආයුබෝවන් කිව්වා....

කල්පනා කර කර....අතීතයේ මතකයන් එක්ක තනි වෙලා..... අනාගතේ ගැන හීන මවලා.... බාගයක් දුර නිදාගෙන.... එහාපැත්තේ අසුනේ හිටපු අමුත්තා එක්ක මොහොතක සුහද කථා බහකින් පස්සේ...කෙල්ල ජපානෙට ගොඩ බැස්සා....

කෙල්ලගේ dream country එක වුනේ ඩෙන්මාර්කය... ඒත් ඒ හැමදේටම කලින් අධයාපන සුදුසුකම් සපුර ගන්න එයාට ඕන වුනා... ඒ නිසාම උසස් අධ්‍යාපනය ට ජපානෙට එන්න කෙල්ලට අවසර ලැබුනේ  අවුරුදු තුනකින් ලංකාවට ඇවිත් විවාහ වෙනවා කියලා අප්පච්චි ට පොරොන්දු වූනාට පස්සේ.....

පලවෙනි අවුරුද්ද කැම්පස් එකේන්ම විදේශ සිසුන් ට හොස්ටල් ඇරේන්ජ් කරන නිසා කෙල්ල ප්‍රශ්නයක් නැතුවම පලවෙනි දවසේ වැඩ ටික ලස්සනට ඉවර කර ගත්තා....

You've reached the end of published parts.

⏰ Last updated: Feb 19 ⏰

Add this story to your Library to get notified about new parts!

💜💜DREAM PRINCE 💜💜◇ KIM NAMJOON ◇ {one short}Where stories live. Discover now