𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 07

166 46 4
                                    


සනායි යුංගියි දෙන්නත් එක්කම කතා කර කර ඉන්න අතරට මායා කෑමත් අරගෙන ඒ දෙන්නා ඉන්න තැනට ආවා. ඇවිත් ඒවා යුංගිටයි සනාටයි පිලිගැන්නුවා. ඒක ඔම්ලට් එකක්, හරියට ඒක arrange කරලා තිබ්බේ චිත්‍රයක් වගේ. ඒක දිහා බලාන හිටපු යුංගි සනාට කතා කරා.

"ජිමින් හදන කෑම රහද නැද්ද දන්නෙ නෑ. ඒත් සනා එයා මේ කැම එක හදලා තියෙන විදිහට මන් කැමතියි. ඒක ලස්සනයි"

එහෙම යුංගී කියනකොට සනාත් ඔළුව වැනුවේ ඒක අනුමත කරන්න. ඉතින් දෙන්නා එක්කම ඒ ඔම්ලට් එක කන්න පටන්ගත්තා. ඒක කලා බලද්දී එක බිත්තරයක්ම නෙවෙ, එකෙන් වෙන වෙන රසවල් දැනෙන්න ගත්තා. හරියට අඹ රස, පැෂන් ෆුඩ් රස, කොටින්ම පලතුරු වර්ග කිහිපයකම රස මේ ඔම්ලට් එකෙන් දැනෙන්න ගත්තා.

"වාහ්"

එක කාපු සනාගේ කටෙන් එහෙම කියවෙන කොට, යුංගිත් කල්පනා කරන්න ගත්තා. මොකද ඒක කාපු වෙලේ ඉදන් සනායි යුංගියි දෙන්නම පුදුම වෙලා හිටියේ.

" සනා, මෙකෙන් පලතුරු රසක් එනවනේ"

"හ්ම්ම්ම් එක තමා යුංගී, මොනා නැතත් මාර රසයි"

යුංගී අහපු දේට සනා උත්තර දිලා එක රසයි කියන කොට යුංගිත් එකට ඔළුව වැනුවේ ඇත්තටම එක ගොඩක් රස නිසා. දෙන්නත් එක්කම ඒ ඔම්ලට් එක කලා ඉවර කරාට පස්සේ එතැනට ඩෙසට් එකත් අරන් ආවේ මායා. ඩෙසට් එකත් කිව්වට හතු ටිකක්.

"මේ තියෙන්නේ සැලඩ් එකක්"

එහෙම කියපු මායා ඒ සැලඩ් එකට වතුර දානවා. මායා වතුර දානකොට සැලඩ් එකේ තිබ්බ හතු ටික උඩට එන්න ගත්තා. එක දිනා බලන් හිටපු යුංගිට එකට තරහා ගියා. එයාට දුන්න සැලඩ් එකත් අරන් එතැනින් යනවා.

සැලඩ් එකත් අරන් කෙලින් ම කිචන් එකට ආපු යුංගී ජිමින් හිටපු තැන තිබුනු මෙසේට අතේ තිබ්බ සැලඩ් එක විසි කරේ කෑ ගහන ගමන්මයි.

" මන්, මෙහෙට ආවේ රෑ කෑම කන්න මිසක්,
තමුන්ගේ අමුතු අමුතු වැඩ බලන්න නෙවේ"

යුංගී එහෙම කියලා කෑ ගහනකොට ජිමින් කිචන් එකේ එයයි යුංගියි ඉදලා අනිත් අයට එළියට යන්න කියලා කිව්වා. කට්ටියම ගියාට පස්සේ ජිමින් මස් කැල්ලක් දිලා යුංගිගෙන් ඔයාට මෙක හදන්න පුළුවන්ද කියල අහනවා. ජිමින් එහෙම අහනකොට කට කොනකට හින වුන් යුංගී ජිමින්ගේ ඇස් දෙක දිහා බැලුවා.

𝐂𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐒𝐭𝐫𝐨𝐦 (𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧) 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 Where stories live. Discover now