𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 09

186 45 4
                                    


"දෙන්න ම අරන් තියෙන ලකුණු ගනන සමානයි. ඒත් කොච්චර රසට කෑම එක හැදුවත් වැඩක් නෑ ඒක ලස්සනට arrange කරලා නැත්තම්. ඉතින් අපි මෙකට තිරණයක් දෙන්න ඔන්‍රෙ නිසා ම ඒ දෙවලුත් සලකලා බලලා අපි මේ තරගේ winner විදිහට ජිමින්ව තෝරගන්නවා."

විනිශ්චය මණ්ඩලයෙන් තරගේ දිනුම ලැබෙන්නේ ජිමින්ට. ඉතින් මේ දිහා තැන් දෙකක ඉදන් දෙන්නෙක් බලලා දුක් උනා යුංගිට දිනන්න බැරි උන එකට. සෙවන්, එයා restaurant එකේ ඉදන් තරගේ මේ තරගේ දිහා බලාන හිටියා. අනෙක් කෙනා ඒ මින්, යුංගිගේ අප්පා. එයත් විස්වාස කලා යුංගී මේ තරගේ දිනයි කියලා. ඉතින් එයාට ගොඩක් දුක හිතුනා. ස්ටේජ් එකේ හිටපු යුංගී මොකුත් ම නොකිය එතනින් යන්නේ ජිමින්වත් ස්ටේජ් එකේ තනි කරලා.

After three Days....
@ at night

යුංගිගේ restaurant එකේ සනා වගේම ජුන්, හොසොකුත් වැඩ ඉවර කරලා restaurant එක අස් කර කර ඉන්න කොට එතැනට එන්නේ සෙවෙන්.

"අහ්.... ලමයි"

දොරෙන් ඇතුළු වෙන ගමන් ම එහෙම කියාගෙන ඇතුළට ආපු සෙවෙන් ගිහින් මෙසෙකින් වාඩිවෙලා වටපිට බැලුවේ කෙනෙක්ව බලාපොරොත්තුවෙන් වගේ. වට පිට බලපු සෙවන් ඊලගට ජුන්ගේ මුන දිහා බැලුවේ හරියට උත්තරයක් බලාගෙන වගේ.
සෙවන් හැසිරිම දිහා මේ වෙනකන් බලත් හිටිය ජුන්ට සෙවන් හොයදේ මොකක්ද කියලා දැනගන්න එච්චර වෙලාවක් ගියේ නෑ.

"ආහ්.... අන්කල් යුංගී මෙහේ නෑ"

"මොනවා..... කොහෙද එයා ඉන්නේ, ගෙදර ද"

"ආහ් නැ නෑ අන්කල්, දැන් දවස් තුනකින් යුංගි මෙහෙට ආවේ නෑ."

"දවස තුනක්???"

දවස් තුනක් ඒ කියන්නේ අර තරගෙන් පස්සේ ම යුංගී restaurant එකට ආවේ නෑ. ජුන් එහෙම කියනකොට සෙවන් ටිකක් කලබල උනත් හැමදාම සනා, හොසෝක්, ජුන් තුන් දෙනාම යුංගිව බලන්න ගියා කිවුව නිසාම එයා ජුන් ගෙන් යුංගී ඉන්න තැන අහගෙන ගියේ යුංගිව හම්බවෙන්න.

ජුන් කිව්ව විදිහට යුංගිට දැන් ඉන්න ඕන බුසාන් ටවුමත් මේ ගමත් අතරේ තියෙන පාර්ක් එකෙ. ගිය දවස් තුනට ම යුංගී හිටියේ ජුන්ගේ ගෙදර. සෙවන් පාර්ක් එකට ඇවිත් ඉස්සරහට ඇවිදගෙන යනකොට එයා දැක්කා අහස දිහා බලාන කල්පනා කරන යුංගිව. හිමින් හිමින් යුංගිගේ ලගට ගිය සෙවන් යුංගි වාඩි වෙලා හිටපු බංකුවේ එහා පැත්තෙන් වාඩි වුනා.

𝐂𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐒𝐭𝐫𝐨𝐦 (𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧) 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 Where stories live. Discover now