♡𝙵𝙾𝚁 𝚈𝙾𝚄!!!

582 148 126
                                    

#for you

නටුවෙන් ගිලිහුණු සකුරා මල් දස දහස් ගණනක් අදත් හොංචාඕ පාරම හරි අපූරුවට සරසලා. බැලූ බැල්මට පේන්නේ, මුළු පාරම ලා රෝස සිල්ක් රෙද්දකින් වැහිලා වගේ. ඊට නොදෙවෙනිව, ලා හිරු රැස් සකුරා තුරු මුදුන්වලින් පෙරිලා ඇවිත් මුළු හොංචාඕ පාරම බැබළුවා..........

මගේ අතැගිලිවල පැටලෙන ඒ සියුමැලි අත්වල උණුසුම් පහස නැතුව, ඒ දෝංකාර දෙන හිනාව නැතුව, තොරතෝංචියක් නැතුව කියවන ඒ කියවිල්ල නැතුව, කොහොමද මම මේ සුන්දරත්වය තනියම විදගන්නේ......?
මට දැනුනේ කියාගන්න බැරි මහා හිස් බවක්..... පාළුවක්..........
තවමත් මට විශ්වාස කරන්න බෑ එයා ගියා කියලා. ඔව්, එයා අද මාව දාලා යන්නම ගියා.......
මීට මිනිත්තු ගණනකට කලින් ෂැන්ග්හයි, හොංචාඕ එයාපෝර්ට් එකේදී එයා කියපු ඒ වචන තවමත් මගේ හිත පුරාම දෝංකාර දෙනවා.....

"Let's Break Up Namjoon...."

මම මේ දේ බලාපොරොත්තු වුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්... එයා මගේ ජිවිතයට ආපු දවසෙ ඉදලම, මට ආදරය කරන්න පටන් ගත්ත මොහොතෙ ඉදලම මේ වෙන්වීම, මගේ හදවතේ ගැඹුරුම තැනක තැන්පත්වෙලා තිබුණා. ඒත් ඒ වෙන්වීමට, මට කොහොම මුහුණ දෙන්න වේවිද කියලා නම් මම හීනෙකින්වත් හිතලා තිබුනෙ නෑ....

"ඔයයි, මමයි අහසයි පොළොවයි වගේ නම්ජූන්...
කවදාවත්ම අපි දෙන්නට එකතු වෙන්න බෑ, මොකද අපි දෙන්නම ජිවත් වෙන්නේ ලෝක දෙකක නිසා....."
"මට හිතාගන්න බෑ, ඇයි මට මේ දේ කලින්ම නොතේරුනේ කියලා. ඔයා ඔයාගෙ ලෝකෙ හොයාගන්න නම්ජූන්...
මම මගේ ලෝකෙ හොයාගන්නම්. අපි දෙන්නා ගොඩනගපු හැම හීනයක්ම, නිකන්ම නිකන් බොරු මවාපෑම් ගොඩක් විතරයි. අනාගතේ අවිනිශ්චිතයි නම්ජූන්. ඉතිං ඒ අවිනිශ්චිත ආනගතයේදී මම කොහොමද ඔයා ගැන බලාපොරොත්තු තියාගන්නේ.......?"

"මම තේරුම් ගත්තා.... මගේ හීන සැබෑ කරගන්න නම්, තවදුරත් ඔයා එක්ක බොරු මවාපෑම් ගොඩක් එක්ක, කාලෙ කාලා වැඩක් නෑ නම්ජූන්......."

මගේ වචනවලින්ම එයා මට අද දමලා ගහනවා. මීට අවුරුදු හතරකට කලින්, මගේ පස්සෙන් ඇවිත්, මට වද දිදී, මගේ ආදරේ ඉල්ලගන්න නොකරපු දෙයක් නැති ඒ පුංචි කෙල්ලට, මම "එදා" කියපු ඒ වචනම, මට "අද" එයා කියනවා.
"ඔයයි, මමයි අහසයි පොළොවයි වගේ ජියා...
කවදාවත්ම අපි දෙන්නට එකතු වෙන්න බෑ, මොකද අපි දෙන්නම ජිවත් වෙන්නේ ලෝක දෙකක නිසා....."

You've reached the end of published parts.

⏰ Last updated: Aug 18, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝙵𝙾𝚁 𝚈𝙾𝚄!!  || 𝙺.𝙽.𝙹 ||  [𝙾𝚗𝚎 𝚂𝚑𝚘𝚝]Where stories live. Discover now