𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 10

195 49 2
                                    


"මන් ඔයාට ආදරේ කලේ බොරුවට ජිමින්,
අනික මගේ හිනේ තමා ගෝල්ඩ් ඔෆ් කුකරී
වෙන එක. ඉතින් එකට මට ලෙසියෙන්ම යන්න
අපි ඔයාව යුස් කලා. සෝ දැන් අපිට ඔයාගෙන් වැඩක් නෑ."

මායා එහෙම කියනකොට ජිමින් කලේ හිනා වෙන එක. ඔව් එයා හිනා වුනා මොකද එයාට මේ දේවල් විහිළුවක් වගේ. මායා දිහාම හිනාවෙවි බලන් හිටපු ජිමින් මුකුත් නොකිය එතනින් ආවේ හිතට ගොඩාක් ලොකු දුකක් දැනෙන් දී.

රෙස්ටුරන්ට් එකෙන් ආපු ජිමින් හිටීයේ බුසාන් ටවුමට ටිකක් ලගින් තිබ්බ ගොඩනැගිල්ලක් ඉස්සරහට වෙල එක දිහා බලාන අතේ තිබ්බ බියර් එකක් බිබි. කොල්ලා මෙතනට ආවේ තනියම ඉන්න මොකද ඒ ගොඩනැගිල්ලේ කට්ටිය නෑ, මොකද එකේ වැඩ කරන්නේ රෑට නිසා. හැබැයි ජිමින් තනියෙම නෙවේ, කොල්ලා දිහා තව ඇස් දෙකක් නතර වෙලා තිබුනා. ඒ යුංගී.

උදෙන්ම මාර්කට් එකට ගිහින් එන අතර තුර තමා යුංගී ජිමින්ව දකින්නේ. ජිමින් දිහා ටික වෙලාවක් බලන් හිටපු යුංගී ජිමින් ලගට ගිහින් ජිමින්ට කතා කළා.

" තරගෙන් පැරදුනේ මමනේ, ඔය මොකද
දුකෙන් ඉන්නේ "

ජිමින් ලගින් ඉදගත්ත යුංගී බැලුවේ ජිමින් බලන් හිටපු ගොඩනැගිල්ල දිහ. ඒත් එක්කම කිසිම සද්දයක් නැතිව හිටපු ජිමින්ගේ කටහඩ යුංගිට ඇහුනා.

" ඔයා දන්නව ද අර කෙනාව, පොඩි කාලෙ
ඉදන් මන් හින මැවුවේ මෙයා දිහා බලලා
කවදා හරි ගෝල්ඩ් ඔෆ් කූකරි වෙන්න. ඒත්
අද මන් කොහොමද එයා එක්ක තරග කරන්නේ
මට බය හිතෙනවා "

තමන්ට ඉදිරියේන් තිබුන ගොඩනැගිල්ලේ පහලට දාල තිබ්බ යුංගීගේ අප්පා එහෙමත් නැත්තම් කොරියන් ගෝල්ඩ් ඔෆ් කුකරි මින්ගේ ෆෝටෝ එකකට අත දිග් කරන ගමන් කිව්වේ මලානික වුනු
මුනකින්. ටික වෙලාවක් ඒ දිහා බලන් හිටපු ජිමින් තමන්ගේ අතේ තිබ්බ බියර් ටින් එක යුංගී දිහාට
දිග් කලා.

යුංගිත් ලාවට ජිමින්ට හිනා වෙලා ඒක අරගත්තා. ඒත් යුංගී ඊලගට කිව්ව දේ නිසා ජිමින් බිබි හිටපු බියර් එකත් හිර වුනා.

" ඔයා පොඩි කාලේ හින මැවුවේ මගේ අප්පා
වගෙ වෙන්නද, දන්නවද දෙයක් ඒ ඉන්නේ මගේ
අප්පා."

𝐂𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐒𝐭𝐫𝐨𝐦 (𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧) 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 Where stories live. Discover now