Auschwitz Camp

123 23 13
                                    

අවුශ්විට්ස් කදවුර  (1940 May- 1945 January )

"Arbeit macht frei"
වැඩකිරීමෙන් නිදහස ලැබේ

මේක තමයි අවුශ්විට්ස් කදවුරේ ආදර්ශ පාඨය උනේ. දෙවනි ලෝක යුද්ධෙ කාලෙ අසරණ වෙලා හිටපු මිනිස්සුන්ව හොදට බලාගන්නවා, ළමයින්ව ඉස්කෝල වලට දාලා උගන්නනවා රැකියා දෙනවා කියලා යුද්ධෙන් අවතැන් වෙලා හිටපු මිනිස්සුන්ව දකුණු පෝලන්තයේ තියෙන මේ කෑම්ප් එකට train එකකින් අරන් එනවා.

ඒ අරන් එන මිනිස්සුන්ව කෑම්ප් එකෙන් බැස්සුවහම ඩොක්ටර් කෙනෙක් ඇවිත් මිනිස්සුන්ව පරීක්ෂා කරලා වර්ග දෙකකට වෙන් කරනවා. හැඩි දැඩි, ශරීර ශක්තියෙන් යුක්ත වැඩක් පළක් කෙරීමට පුළුවන් පිරිසව එක කොටසකටත්, කුඩා ළමුන්, වයසක අය, ගැබිනි කාන්තාවන්, එක් පාදයක් හෝ පාද දෙකම අහිමි පුදගලයන්, ලෙඩ්ඩුන්, කිහිලිකරු භාවිත කරන්නන් අනිත් කොටසටත් වශයෙන් ආපු මිනිස්සුන්ව වෙන් කරන නාසි හමුදාව ඔවුන්ව පැති දෙකකට වෙන් කරලා පාරවල් දෙකක අරන් යනවා.

එක පිරිසක් එක්කන් යනවා කාමරයක් තුළට. කාමරේට යන්න කලින් එයාලා ගෙනාපු බඩු තියන්න තැනක් එහෙම පෙන්නලා හැමෝටම අංකෙකුත් දෙනවා. එතනදි හැමෝටම කියන්නෙ 'මේ අංකෙ මතක තියා ගන්න ඔයාලා ආපහු ආවම ඒක ඕන වෙනවා කියලා.'

පස්සෙ හැමෝවම කුටියකට එක්කන් යනවා. එතනදි හැමෝටම නිරුවත් වෙන්න කියලා ගෑණු පිරිමි භේදයක් නැතුව හැමෝව ඒ කුටියෙ තියෙන බිංගේකින් නාන කාමරයට එක්කන් යනවා.

ඒ නාන කාමරේ ශවර් හයි කරලා තියෙන්නෙ කිසිම කෙනෙක්ට සැක හිතෙන්නෙ නැති වෙන්න. මිනිස්සුත් හරි සතුටෙන් යන්නෙ වොශ් කරගෙන පිරිසිදු වෙන්න කියලා හිතාගෙන.

ඒත් හැමෝවම ඇතුළට දැම්මට පස්සෙ විශ වායු වර්ග ගොඩක් එකතු කරපු වායුවක් ඒ නානකුටියට එවනවා. එතනදි හුස්ම ගන්න අපහසු වෙන නිස මිනිස්සු නිරුවතින්ම එකිනෙකාගෙ ඇගවල් වලට යටවෙලා තැලිලා පොඩිවෙලා හුස්ම ගන්න අමාරු වෙලා මැරෙනවා.

ඊට පස්සෙ කමාන්ඩස්ලා එතනට ඇවිත් මිනී සේරම අරගෙන තවත් කුටියකට තැනකට එක්කන් යනවා. එතනදි මැරුණ හැම මනුස්සයගෙම කොණ්ඩෙ කපලා, වටින කියන ආභරණ ටික අර ගන්නවා.

External knowledge 📚 Where stories live. Discover now