තරුවකට පෙම් බඳිමි... 🌟🌙

325 79 22
                                    

තරුවකට පෙම් බඳිමි.....

මේ තියෙන්නේ මං ලියපු පලවෙනිම ff එක.. මං මේක ලියද්දී wattpad එකේ කතා කියෙව්වා විතරයි.. 🤭 මේක මං දැම්මේ fb මගේ profile එකේ.. කියෝපු අය ඇති..


මේ කතාවට ආපු comment නිසා තමයි මං burning heart ලියන්න ගත්තේ.. ඉතින් මේක මගේ පලවෙනිම කතාව.. පොඩි short story එකක්.. කියෝපු නැති අය කියෝලා බල්න්න..


🙈💚❤️


🌟🌙🌟🌙🌟🌙🌟🌙🌟🌙🌟🌙🌟🌙🌟

දීර්ඝ වෙහෙසකර දිනයක් අවසන් විය.. මේ ඒකාකාරී ජීවිතයේ මට තිබුනේ එක සැනසීමයී.. සෑම දිනකම අවසානයේ මන් ආවේ මගේ හිතට සැනසීමක් දෙන එකම තැනට.. ඒ මගේ නොවරදින වයින් බෝතලෙත් සමගයී.. මගේ දුක සතුට බෙදාගන්න..ඇති වෙනකන් අඬන්න... ඇති වෙනකන් හිනාවෙන්න.. මගේ ජීවිතේ එකම සැනසීම තිබුණේ එතන.....

ගත සිත දෙකම සුවපත් වෙන මුහුදු හුලඟ... කවුරුවත් නැති, කාටවත් හොයාගන්න බැරි, කලුවර, ගල් පර දෙකකට මැදි උන වැල්ල... මේ හැමදේට  වැඩිය ගණන් කරන්න බැරි තරම් ලස්සන තරු පිරුණු රෑ අහස.. කොච්චර තරු තිබුනත් තනි වෙලා කියලා මට  දැනුන ඒ හඳ මට මගේ ජීවිතේ මතක් කලා..  කොයිතරම් මාව පිරිවරාගෙන මට ආදරේ කරන්න අය හිටියත් මගෙ දුක සතුට බෙදාගන්න කෙනෙක් නැති උන මන් හරියට රෑ අහසේ තනි උන හඳ වගේ.. ඒත් ඒ හදට හිටියා ලස්සන තරුවක්.. හැම තරුවක්ම හඳ තනි කලත්, ඒ තරුව හැමදාම හඳ ලඟින්ම හිටියේ කවදාවත් වෙනසක් නොකර ලස්සනට දිළිසෙන ගමන්.. මට හිතුනේ ඒ තරුව මාත් එක්ක හිනා වෙනවා, මට කතා කරනවා කියලා.. මගේ ජීවිතේ හැමදේම මන් කිව්වේ ඒ තරුවට.. දුක සතුට හැමදේම මන් අඬ අඬ කිව්වේ ඒ තරුවට..

ඉතින් මන් කවුද, ආවේ කොහෙන්ද ඒ මුකුත් මට මතක නෑ.. මගේ නම වන්ග්‍ යීබෝ.. දරුණු අනතුරකින් මගේ දෙමව්පියෝ මට නැති වෙලාලු.. ඒ කම්පනෙන් මටත් ඔක්කොම අමතක වෙලාලු.. හ්ම්ම්.. ඔව්ව්.. මට මතක නෑ.. ඒත් මන් එක දෙයක් දන්නවා.. මන් තනි වෙලා.. කාත් කවුරුත් නැතුව මන් මේ ලෝකේ තනි වෙලා.. මම ලෝකෙම ප්‍රසිද්ධ ගායකයෙක්.. මට ඉන්න ප්‍රේක්ෂකයෝ ගාණ මන්වත් දන් නෑ.. ඒ කවුරු හිටියත් මන් තනි වෙලා.. මේ ඒකාකාරී ජීවිතේ මට වෙහෙසයී.. ඒත් මට තිබුනා හීනයක් තරුවක් වෙන්න.. ඒ හීනේ මට දුන්නේ මන් හැමදේම කියන මගේ තරුව.. මට ඕනි උනේ ඒ වගේ වෙන්න.. අද මම එතනට ආවා..  ජනප්‍රියම තරුව උනා.. මට ඒ වෙනුවට හම්බුනේ ලස්සන තරුවක් තියෙන මෙඩ්ල් එකක්.. මන් ඒකට ආදරේ කලා...

You've reached the end of published parts.

⏰ Last updated: Jul 17, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

තරුවකට පෙම් බඳිමි... 🌟🌙   (one shot) Where stories live. Discover now