Ep 1 ☔️

2.8K 358 98
                                    

Chamber Of Secrets 🐚

Ep 1 ☔️




වැස්ස !! ඉලව් වැස්ස !!

.
පායන පාටක් නෑ ආයෙ පැය ගානකට.. පුස්තකාලයේ ඇතුලේ පොත් අස්සේ ගිලිලා හිටපු මට වෙලාව යනවා තේරුන් නෑ.. බාගෙට වහපු ජනේලෙකින් තමයි තාමත් පටන්ගත්ත වැස්ස ඉවරයක් වෙලා නෑ කියලා තේරුනේ...
ඒ අස්සේ හීතල හුලගකුත් හීනියට වදිද්දී අත්වල රෝමත් කෙලින් වුනා...ම්ම්ම්...

මේ වෙලාවට කොෆී එකක් එක්ක හොද උණුසුම් පෝරණුවක් තිබ්බා නම්... ඒ අවශ්‍යතාව තදින් මට දැනෙද්දී බල බලා හිටපු පොත මං වහලා දැම්මේ කොහොමහරි ගෙදර යන්න හිතාගෙන..

.
Chamber Of Secrets 📕

පොතේ කවරේ තිබ්බ නම දකිද්දී මගෙ මුවට ආවේ කටකොනින් හිනාවක්... ඒ ඇයි කියලා ම්ම්... ඕනෙ නෑ දන්න අය දන්නවා....

මේසේ උඩ තිබ්බ පොත අරන් පොත් රාක්කෙත් තිබ්බ මං දොර ලගට ඇවිදගෙන ආවේ එලියේ තියලා තිබ්බ මගෙ කුඩේ දිහා විපරම් කරගෙනම.. ඇතුලට කුඩ අරන් යන්න දෙන්නේ නැති නිසා තෙත් පිටින් ඒ බාස්කට් එකේ ඔබලා ආවා....



*

*

*

*


" ප්‍රොෆෙසර් සීන් !! ඇයි දැන්ම යන්නේ ?"

මගෙ නම කියන හඩත් එක්ක හැරිලා බලද්දී දැක්කේ පුස්තකාලාධිපතිව... මගෙ සමකාලීනයෙක්.. ඉතින් හොදට අදුරනවා මාව...

" ම්ම් ඇති වගේ... මං ඒත් බැලුවෙ මගෙ මේ කුඩේ..."

ඇත්තටම කුඩේ තිබ්බ තැන තිබ්බේ නෑ.. මට දැන් යන්න විදිහක් නැති එකයි ප්‍රශ්නෙකට තිබ්බේ නැතුව කුඩයක් කියන එක මහලොකු දෙයක් නෙවේ.. ඒත් ඒක මගෙනෙහ්. මට යන්න මගෙ කුඩේ තියෙන්න ඕනෙ..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Chamber Of Secrets 🐚 ✔️Where stories live. Discover now